Fuck (ෆක්) ගැන කතාව

බොහොම දුර ඈත අතීතයේ ඉදලම මිනිස්සු සන්නිවේදය සදහා විවිද ක්‍රම භාවිත කලා. මුල්ම කාලේ හස්ත සංඥා ,වාචික භාශා, ලේඛන, සංකේත ඉදල මහා පුලුල් පරාසයක් දක්වා ක්‍රමෝපායන් භාවිත කලා. වාචික  භාශා ,නැත්නම් භාශාවක් කතාකිරීමෙන් කරන සන්නිවේදනය තමා අද වෙනකොටත් පහසු මෙන්ම ප්‍රභලතම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තියෙන්නේ. එහෙවු භාශාව විධිමත් සහ අවිධීමත් එහෙමත් නැත්තම් පිලිගත් නොපිලිගත් ශිෂ්ට අශිෂ්ඨ විිදිහට කොහොම බෙදුවත් මේ  හැම එකෙන්ම සිද්ධවුනේ සන්නිවේදනයක් තමා.

මිනිස්සු එදා ඉදල තමන්ගේ හිතේ තියෙන හැගීමක් ප්‍රකාශ කරන්න යම් කිසි තනි වචනයක් හරි වචන කිහිපයකින් හැදුන වාක්‍යක් හරි තමා භාවිත කලේ. උදාහරනයක් විදිහට තවකෙකුගේ ජයග්‍රහනයකදි නැත්නමි සැමරීමකදි වගේ සතුටු අවස්තාවකදි "Congratulations" නැත්නම් "සුබපැතුම්" යන වදන භාවිත කලා. මේක අපි දන්න සියලුම දියුනු සමාජවල දකින්න පුලුවන් දෙයක් .

මේ වගේ මිනිස්සු සතුට, දුක, වේදනාව, තරහව වගේ හැගීම් බාහිරට ප්‍රකාශ කරන්න විවිධ වචන භාවිතා කරනවා .මේක ශිෂ්ඨ වෙන්නත් පුලුවන් අශිෂ්ඨ වෙන්නත් පුුලුවන්. සම්මතය අනුව අශිෂ්ඨයි කියල බෙදන්න පුලුවන් වචන බොහොමයක් තරහව නැත්නම් වෛරය කියන හැගිම පිටතට මුදාහරින්න බාවිත කරන වදන්.  නැත්නම් "කුනුහරප" කියෙන ඒවා බොහෝමයක් සම්බන්ද වෙලා තියෙන්නේ මිනිස් ලිංගික අවයව ,ලිංගික හැසිරිම් කියන සාධකත් එක්ක. මේ කියන කුනුහරපත් ඕනෑම ශිෂ්ඨසම්පන්න සමාජයක් දකින් පුලුවන් .

මේ කතාව ෆක් (Fuck) ගැන. ඒ කියන්නෙ ස්ත්‍රි පුරැශ සංසර්ගය (Sexual intercourse) නැත්තම් අශිෂ්ඨ වචනයෙන් කියනවනම් (*හුකනව) කියන වදන ගැන .මේ අර්ථය ලංකාවේදි නම් කිසිම ප්‍රසිද්ධ මාධ්‍යක හෝ පොතක හෝ පුවත්පතක ඒ ආකාරයෙන්ම යෙදිල තියෙනව අපිට දකින්න ලැබෙන්නෙ නැති වුනත් බටහිර ලෝකය තුල එය සාමාන්‍යකරනය වු දෙයක් බවට පත්වෙලා.

ප්‍රසිද්ධ දැන්වීමි තුල ජනප්‍රිය රෑපවාහිනි නාටක වල වගේම පුවත්පත් තුලත්  තියෙනව කියන්න පුලුවන්. ඒ කියන්නේ බොහෝ දුරට බටහිර තුල තවදුරටත් මේක අශ්ලීල වචනයක්ම කියල බෙදන්නත් බෑ.මේ ඉංග්‍රිසි වදන බටහිර ලෝකය තුල විතරක් නෙවේ පෙරදිගත් ජනප්‍රියයි. බටහිර ජනප්‍රියවාදි සංස්කාතිය පෙරදිගට පැතිරෙනවත් එක්කම ඒ කියන්නේ බටහිර චිත්‍රපට, රැප් හා හිප්හොප් සංගිතය, ටෙලිනාට්‍ය, සුපිරි චරිත,ආහාර සංස්කාතිය,ක්‍රිිඩාව වගේ දේවල් හරහා නිතර ප්‍රකාශ වුන මේ වදන පෙරදිගත් ජනප්‍රිය වෙනව.

කලින් කිවුව වගේම මේ වදන හරහා පීඩිත මිනිස් සිතුවිලි එලියට පන්නන ,නැත්නම් මලපැනපු වචනයක් විදිහට සංවර්ධනය වෙලා තියෙන ආකාරය තමා පහත තියෙන්නෙ ......

Fuck off - මකබෑවියන්,පලයන් යන්න
Fuck on - වර,මෙහාට වර
What the Fuck - මොන මගුලක්ද ,මොන රෙද්දක්ද
Fuck over - අසාධාරන ලෙස යමක් කර ගැනීම
Fucked up - වියවුල් සහගත වීම
Fuck you - හෙනගහපිය
Fucked out - උත්සහයන් නිශ්ඵලවිම,අධීක ලෙස පීඩාවට පත්ව සිටීම
Holy Fuck - තුශ්නිම්භුතවු අවස්තාවකදී එය ප්‍රකාශ කිරීමට භාවිත කරයි
Fuck around - යම් කෙනෙක් හෝ දෙයක් සමග අධීක ලෙස කාලය නාස්ති කිරීම
Fuck shit - ඉතා කරදරකාරී සහ අප්‍රසන්න දෙයක් හෝ පුද්ගලයෙක්



පසු සටහන - *මේ ලියැවුන වදන ගැන කිසිවෙකුත් කලබල විය යුතු නොවේ. එමෙන්ම ඉහත ඉංග්‍රිසි වදන් වල අර්ථය Urban dictionary හා Farlex dictionary යන වෙබ් අඩවි වලන් ලබා ගත් ඒවා මෙන්ම ඒ වදන්  ඒ ඒ ජනසමාජවල භාවිත වන වදන් නිසා ඒවායේ අර්ථයන් හි සම්පුර්න නිවැරදි භාවය තහවුරු කර ගැනීම අපහසුය.



බ්ලොගර් මත පලමු සටහන - First post of new Blog

අපේ සිතුම් පැතුම් අදහස් හා නිර්මාණ නිදහසේ ප්‍රකාශ කල හැකි බ්ලොග් නම්න් වු විවෘත මාධ්‍යක් අන්තර්ජාලයේ තිබෙන බව මම මුලින්ම දැනගත්තේ 2008 දී පමන විජය පරිගනක සගරාව තුල පලවු ලිපියක් මගිනි. ලංකාව තුල සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයක් ඇති බවත් මා දැනගත්තේ ඒ සගරාවෙන්මය .

එකල වුවද ග්‍රාමිය මට්ටමෙන් අන්තර්ජාල භාවිතය තිබුනේ නොගිනිය හැකි තරම් අඩු මට්ටමෙනි. ඇත්තම කිවහොත් මා 2010 වසරේ ඩොන්ගලයක් හරහා අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාගන්නා තෙක්ම අන්තර්ජාලයට පිවිසුනේ මට ආසන්නතම ප්‍රධාන නගරයේ වු ඉන්ටර්නෙට් කැෆේ එකකින්ය.  ලිපිය විජය පරිඝනක සගරාව හරහා කියැවු දිනයේ පටන් මට මගේම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට අව්‍යශවුන නමුත් එකල අපට තිබු යටිතල පහසුකම් වල දුබල තාව මට එය දිගට කරගෙන යාමට නොහැකි විය .

පසුකලෙක සගරාවේ දුටුව ලෙස මගේ පලමු බ්ලොගය නිර්මානය වුයේ එලෙස කැෆේ එකක් තුලය. ඒ මා  එදින 2009 උසස් පෙල ආර්ථික විද්‍යා පන්තිය කට් කර ගොස් හැදුවක් නිසා එහි නම Econica නම් වුන අතර (මට මතක හැටියට) ඒ ගැන කිසිදු දත්තයක් දැන් මා සතුව නැත. කෙසේ නමුත් මම 2011 දි ඉන් පසුව සැදු තාක්ශනික ලිපි ඇතුලත් බ්ලොගය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සිංඩියට ඇතුලත් කල අතර සිංහලෙන් ලියැවුන ඉතා වටිනා ලිපි ගනනාවක් කියැවීමටත් මම ලියු ස්වල්පයක් ලිපි අනිත් අය කියවන්නට ඇතැයි සිතමි.

ඉන් පසුව මා මගේ පලමු රැකියාවට 2013 වර්ශයේ මුල පිටත්ව ගිය පසු මට බ්ලොග් මග හැරුනු අතර නැවත 2014 අග භාගයේදී ''ලෙවියාතන්'' යන නමින් නැවත බ්ලොග් වලට අතගසා  පාඨක සිත් දිනු ලිපි කිහියක් ලිවීමට හැකි වුන නමුදු  බොහෝ හේතු සාධක මත බිලොග් අවකාශය තුල අඛන්ඩව රැදි සිටීමට නොහැකි විය ගිලෙමින් මතුවෙම්න් බොහෝ කලක් තිස්සේ මගේ ලිපි 20 කටත් අඩු ගනනක් පමනක් ලීවේමි.

කිසිවෙකුත් මා හදුනන්නේ නැත .මාද කිසිවෙකුත් නොහදුනමි .එසේ නමුදු අප අතරින් වෙන්වු විචාරක මහතා හසිත ප්‍රසාද්,ඩියෝන් මිතිල,රාජ්,දේශකයා මහත්මා,අමිල චතුරංග මහතා මෙන්ම දැනට බ්ලොග් කරනයෙන් ඉවත්ව සිටින නිම්නයක තනිවී හින දකින්නියද ඒ ලියු කෙට් සටහන් වෙනුවෙන් මට දැක්වු ප්‍රතිචාරවලට ස්තුතිකල යුතුයි .

මට බ්ලොග් අවකාශය තුල මගහැරුනු කාලය ආපසු ගත නොහැකි බව හොදින් දනිම්. 2009 අැරඹු බ්ලොගය අඛන්ඩව පවත්වාගෙන ගියේ නම් මාද දැනට ලංකාවේ සිටින අතලොස්සක් වු පැරනිම බ්ලොග් කරුවන් අතරින් කෙනෙක් වන්නට තිබුනි .පසුගිය කාලය තුල මා විසින් ඉහත කී ලෙස බ්ලොග් වේදිකාවක (Platform) ලිපි කිහිපයක් ලිුයු නමුත් මා කිසි දිනෙක බ්ලොග් කරුවෙක් නොවුයෙම්. මන්ද  කෙනෙකු යමි දෙයක් ගැන පරිනත වන්නේ ඒ දෙය දෙස බලා සිටි කාලය මත නොව එහි නියැලී ලබාගත් අත්දැකීම් සමුදාය මතයි. ඒ බැවින් මා බ්ලොග් ලෝකයට තවමත් ආධුනිකයෙකි...

අද සිට ඇරඹෙන ජෝන් ලෙමන් ගේ (ලෙනන් නොවේ)  සීනි බනිස් බ්ලොගය මගේ සිතට දැනෙන නිවැරදියි මෙන්ම වැදගත් ලෙස හිතෙන අදහස් වලින්  මෙන්ම ඔබත් මමත් ජිවත් වෙන මේ පොලව මත සිටින අපේ මිනිසුන්ගේ හිත් නිවන මෙන්ම හිත් දැනුමෙන් පුරවන ලිපි වලින් පුරවන අදහසින්.............. බ්ලොග් ලෝකයට පිවිසෙමි.......

(ජෝන් ලෙමන් )


රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාක්සයන් රාක්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංඟනාවන් සැඟවී ඉන්න වළාවක්
අප‍ට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාවක් //