Checkpoint වර්ගවාදය - යුධ සමයේ දමිල ශරීර වර්ග කල හැටි

මට මෑතකදි හිටපු ගමන් මතක් වුනා යුද්ධෙ ඉතාම දරැණුවට ඇවිල ගිය කාලයක වුන සිදුවීමක්. ඒතකොට අපි උසස්පෙල ලියන කාලේ. අපි අමතර පංති යන්න පටන් ගත්තෙ අනුරාධපුර .මේ කාලේ අනුරාධපුර කියන්නේ අධිඅවධානම් කලාපයක්. 

එතැන තමයි සිංහල ජනතාව බහුල කලාප වලට පිවිසෙන්න සහ (උතුර දකුන) සම්බන්ධකරපු මංසන්ධිය වෙන්නෙත්. මේ කාලේ තමයි අනුරාධපුර ගුවන්හමුදා කදවුරට එල් ටී ටී ප්‍රහාර එල්ල උනේ. ඒත් එක්කම අනුරාධපුරේදී ජානක පෙරේරා ඝාතනය වුන මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ලවුනෙත්. අපි බස් එකේ යන්න පටන් ගත්තම චෙක් පොටින්ට් තුන හතරිකින් නවත්වලා කට්ටිය බස්සවලා චෙක් කරනවා. 

අපිත් එක්ක ඒ දවස්වල පංති ගියා යාලුවෙක් හිටිය. මිනිහගේ නම මතක නෑ. ටිකක් තද කලු පැහැ හමක් එක්ක පොකුටු කොන්ඩයක් තිබුනා .වැල් වටාරම් නැතිව කිව්වොත් මිනිහට ඒ තරම් අකර්ශණිය පෙනුමක් තිබුනෙ නැ.එතැනදී මම නෝටිස් කරපු දෙයක් තිබුනා.. අනිත් හැමෝටම චෙක් කරල එැතින්  යන්න කියල මේ කලු පාට කෙනාව තියාගෙන ප්‍රශ්ණ අහනවා ඒවයේ ඉන්න සෙබලු .

ඒ චෙක් පොටින්ට් වල සමහර දවස්වලට ඉන්න අය මාරු වෙනවා .සමහර වෙලාවට කලින් හිටපු අය හම්බවෙනවා .ඒත් හම කලුයි නම් පෙනුම ආකර්ශණිය මදිවගේ නම් කලින් කොයිතරම් දැකල තියෙනව උනත්  මේ සෙබලු මේ වැඩේ කරනවා. චෙක් පොයින්ට් එකේ රදවාගන්න (සැක සහිත) වගේ අයගෙ පෙනුම ගොඩක් ඔය කියන ලක්ෂන වලින් සමන්විතයි. 

මේ Racial profiling කිරීම උපක්‍රමික වශයෙන් ගොඩක් රටවල් කරනවා.මේක තමයි මිචෙල් ෆුකෝ Bio Politics කියන Term එකෙන් ඉදිරිපත් කලේ ඒ කියන්නේ සමාජයක් පාලනය කරන්න රජ්‍ය විසින් නීති රෙගුලාසි වලට අමතර පුද්ගල ජීව යාන්ත්‍රනයත් ඒ කියන්නෙ ෆිසිකල් බොඩ් එකත් භාවිතාකරනව කියන එක.   

විශේෂයෙන්ම ගුවන්තොටේදී මැදපෙරදිග කලාප වලින් සහ ලතින් ඇමරිකානු රටවලින් පැමිනෙන පුද්ගලයන් හදුනාගන්න මේ විදිය භාවිත කරනවා. මොකද ත්‍රස්තවාදි කටයුතු සහ මත්ද්‍රවය ජාවාරම් සම්බන්ධයෙන් කප් ගහපු අය මේ කලාපව වල ඉන්න අය.  නමුත් අනිත් පැත්තෙන් මේක යම් අකාරයක උග්‍ර වර්ගවාදයක් කුලුගන්වනවා .මේ සිදුවීම සම්බන්ධයෙන් ගත්තොත් මොනවගේ අදහසක්ද ලංකාවේ සිංහල සමාජය අතර දමිල මිනිසෙක් සම්බන්ධයෙන් තියෙන්නේ කියල හිතා ගන්න පුලුවන්.




13 comments:

  1. ඒක ඇත්ත . මේ රට වලත් සමහරු අපි හැමෝම මුස්ලිම් ගානට දාල සැක කරනවා . මුස්ලිම් අයට කොහොම හිතෙනවා ඇත්ද

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත
      my name is khan and im not a terrorist කියන දෙබස මතක් උනා

      Delete
  2. හුම්. හැමදේම බාහිර පෙනුමෙන් මනින්ට බැහැය කියනව නෙව. ඒත් ඉතිං අපිට උනත් එකපාරටම කවරෙ පෙනුම තමා ඇතුල ගැන අදහසක් මුලින්ම ඇති කරන්නෙ... හරි හෝ වැරදි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ඒත් විෂේශයෙන්ම (උතුරේ) දමිල ජනතාව කියන්නෙ දශක ගනනාවක් පුරා මුලික අවශ්‍යාතවත් සපුරා ගන්න බැරිව දැඩි පීඩාවකට ලක්වුන පිරිසක්. එහෙම මිනිස්සුන්ගෙන් බාහිර සුන්දරත්වයක් බලාපොරොත්තු වෙන්නත් බැ

      Delete
  3. 83 ජූලි කලබල කාලේ දෙමළ කියලා සිංහල අය අතවරයට ලක්කළ අවස්තා තිබුණා. මගේ යාළුවෙක් නොමැරී බේරුනේ අනූනමයෙන්.

    ReplyDelete
  4. ඔයවගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් "දෙමළ" නමින් හඳුන්වන අයටම තමයි.

    ReplyDelete
    Replies
    1. ජගත් කියන්න හදන අදහස පැහැදිලි මදි

      Delete
  5. මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?
    ➖➖➖➖➖➖➖🔸🔶🔸➖

    මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙන්න අනිවාර්‍යයෙන් ඉකෝන් ඇන්ඩ් එකවුන්ට්ස් වගේම ග්ලෝබල් ට්‍රේඩීන් ඇන්ඩ් ටැක්සේසොන් දැනගෙනත් ඉන්ටම එපාය...

    එතෝට සිරිවර්ධන මහත්තයා ඔය ඔක්කෝගෙම ප්‍රවීනයෙක් වෙන්ට ඇති....

    ඒත් එයාගේ කාළෙම තමා ගෝටා විදෙස් ණය ගැන්ම නැවැත්තුවේ...

    වාහන අපනයනය නැවැත්තුවේ...

    රට බංකොලොත් රාජ්‍යයක් වුනේ....

    ඊට පස්සේ ගෝටා විසිවෙලා රනිල් ආවමත් සිරිවර්ධන මහත්තයාමයි වුන්නේ... හැබයි රනිල් බංකොලොත් වෙච්චි රටේ imf යෝජනා අනුව ජනප්‍රිය නොවන තීන්දූ තීරණ අරගෙන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරනවා වගේම..

    2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) ගෙනත් තවදුරටත් මුදල් අච්චු ගැසීම වගේම රාජ්‍ය මූල්‍ය කළමණාකරනයේ නව නීතී රීතී රෙගුලාසි විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙනවා පමනක් නොව....

    (ඔය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තිබූ උත්සවයකදි මේක විශාල ජයග්‍රහණයක් බව ඔය සිරිවර්ධන මහත්තයන පිලිගත්තා... හැබයි බුවා ඊයේ ඉමෝෂනක් වෙච්චි නිසා කතාවේ ඒ කෑල්ල කඳුළු වලින් කවර් වෙන්නැති... අපේ අය මේවට ඕසෙට රැවටෙන්නේ 😁.... අනික මේ ජනපති ඉස්සරහා ඕක කියලා ... අර කිව්වා වගේ පොරට ජම්පරේ දායි කියලා බයත් හිතෙන්නැති)

    76% තිබූ උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දුන් සියලුම ඉලක්ක සපුරමින්.. ජාත්‍යන්තර බැඳුම්කර පවා ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමා කරමින්.... 5% ආර්ථික වර්ධනයක්ද සමඟ කජු හා ඇල්ගීත් කමින් ඩොලර් බිලියන 6 ක විදේශ සංච්තත් ඉතුරු කරමින් ගිනි තිබ්බ ගෙදරට යනවා....

    දැන් සීයා ගිහින්....

    තබුත්තේගම මහේන්ද්‍ර ප්‍රසාධිනී කයිතන් උන්නැහේ ඇවිත් මාස 6 ක්...

    තාමත් ඊයේ වෙනකන් සිරිවර්ධන මහත්තයා ලේකම්....

    හරි විදියට ඩොලර් සංචිතේ ඩොලර් බිලියන 7.5 ක් වෙන්ට ඕන... ආර්ථික වර්ධනේ 5% ට වැඩි වෙන්ට ඕන...

    හැබයි එහෙම වුනේ නෑ.....

    ඉතින් වැඩ්ඩා සිරිවර්ධන මහත්තයාද?

    කජු කාපු සීයද?

    සත්‍යයේ සටහන

    බුද්ධියේ විමසුමට....

    ReplyDelete
    Replies
    1. සීයා ‍හොද බව තේරෙන්න තව ටිකක් ඉන්න වෙයි

      Delete
  6. මට හිතෙන්නේ ලංකාව වගේ රටවල සුදු හම තියන හැම එකාම උස්සලා තියන එක ඕකෙම අනිත් පැත්ත. පට්ට හොර සුද්දෝ බේරිලා යනවා අපේ මානසිකත්වය නිසා.

    ReplyDelete
    Replies
    1. සුද්දෝ මොනවාද හොරකම් කරල තියෙන්නේ (කොලොනියල් කාලේ ඇර

      Delete
    2. මගේ අදහස වුනේ Discourse කිව්ව Negative stereotypes වගේම Positive stereotypes තියනවා කියන්ඩ.සුද්දෝ කීවහම සුදුහම තියන හැමෝම එංගලන්තකාරයෝ කියලා තමයි අපිවගේ බයියන්ට තේරෙන්නේ. අජිත් මහත්තයා නම් Scottish Irish කියන වෙනසත් හොදින් හදුනනවා.හැබැයි ඇත්තටම සුදුහම තියන රුමේනියන් කාරයොත් ඉන්නවා.ඔය අය අතරේ හොද වගේම නරකත් තියනවා. Colonial සුද්දා නරකයි කියන්නේ ආයෙත් Confirmation Bias එකක් වගේ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි