සොසේජස් කතාවක්

සෙසේජස් ගැන කතාවක් මට ලියන්න හිතුණි .පසු ගිය දිනෙක මම දුටු ෆේස්බුක් සටහනකින් එක්තරා අයෙක් අසා තිබුන දැන් තියෙන සොසේජස් සහ මීටිබෝල්ස් රස නැත්තේ ඇයිද කියා?. මේ කතාව ඇත්තක් බව කලක පටන් මේවා පරිබෝජනය කරන අය දන්නා සත්‍යකි. 

දැන් තියෙන සොසේජස් ,මීට්බෝල්ස් සහ සෝයාමීට් අතර වෙනසක් නැත .මේවායෙ ඇත්තේ එකම රසකි. එහෙනම් සිදුව ඇත්තේ කුමක්ද ? මේවැනි මාංශ ආහාර නිශ්පාධනය කරන සමාගමක සේවය කල මගේ හිතවතෙකු පැවසුවේ මේ සොසේජස් නිශ්පාධන වලට දැන් අධික ලෙස සෝයා කලවම්කරන බවකි. මගේ අදහසේ හැටියට බොහෝ දුරට එවා අඩු මිලට ලබාගත හැකි ටෝෆු නැතිනම් Soya curd නම් දෙය විය හැකි බවයි... 

එහෙනම් මොකටද ඒහෙම කරන්නේ ? මාකටින් ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙය තේරුම ගත හැකිය. සොසේජස් සහ මිට්බොල්ස් යනු දශක දෙකකට පමණ ඉහතදී ලංකාවේ තිබු Classy නැත්නම් ජේත්තුකාර ආහාර වර්ගයකි.. ඒවගේ මිල ගනන් දශක දෙකකට පමන පෙරදීත් දැන් තියෙන ම්ලට බොහෝ දුරට සමානය. මේවා නිතර පරිබෝජනය කලේ අගනුවර කේනද්‍රිය ඉහල පංතියේ සමාජයයි.අප වැනි පහල මැදපංතියේ මිනිසුන් මේවා පරිබෝජනයකල නමුදු ඒත් ඉදහිටය .

අපි බොහෝදුරට කෑවේ විවිධ රසින් සෝයාමීට්ය.  එබැවින් නිශ්පාධන සමාගම් වලට මේ නිශ්පාධිතය්න වලින් ලබාගත් හැකි වුයේ සීමා සහිත ලාභයකි. එබැවින ඔවුනට ඔවුනගේ නිශ්පාධනය සමාජයේ වඩා පුලුල් පාරිබෝගිකයින් පිරිසකට අලෙවිකරන්නට හැකිවුය යුතුය. 

නමුත් මේවායේ නිශ්පාධන පිරිවැය අධික නිසාත් ලංකාවේ සමාජයේ වැඩිපිරිසකට එවා ඒම මිලට ලබාගත නොහැකි නිසා අලෙවිය පුලුල් කිරීමටනම් ඒවායේ මිල අඩු කල යුතුය .ඒ නිසා සමාගම් විසින් කලේ සොසේජස් නිශ්පාධනවල ගුනාත්මක තත්වය අඩුකර මිල බැස්සවීමයි .දශක දෙකකට පමන පසුත් මේවායේ මිලේ ලොකු වෙනසක් සිදුව නැත්තේ මේ නිසා බව මගේ අදහසයි 

( සොසේජස් සදහා ලංකාවේ ජනප්‍රියම වෙලද නාමය පවා මේ අභියෝගය බාර ගැනීමට පසුබට නොවීය). ඊට පසු ඉතා පුලුල් වෙලද දැන්වීම් ජාලයක් හරහා සොසේජස් ඉහල පංතියේ සිට පහල පංතියේ ආහාරයක් දක්වා පරිනාමක කරන ලදී .ඒත් පහල පාංතිකයන් තවමත් නොදන්නා කාරණය වන්නේ තමත් තවමත් කන්නේ වෙන හැඩයක සෝයාමීට් වර්ගයක් බවයි.


-----------------------------------------------------------------------------------------------------------------------------

කෙටි මතක් කිරීමක් 

සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් අලුත් බ්ලොග් සින්ඩිකේටරයක් එලිදක්වාඇත www.sinhalablogs.com යන සැබැදිය ඔස්සේ ඔබට එයට පිවිසිය හැකිය 

වඩා සරල සහ පිලිවෙල සහිත අතුරු මුහුණතක් යටතේ බිලොග් ලිපි වලට ප්‍රවේශවිමට මේ හරහා ඔබට අවකාශ ලැබෙනු ඇත  එය ඔබේ ඩිජිටල් වෙහෙස අඩුකරයි

මේ නව සින්ඩිකේටරය තුල දැනට බ්ලොග් අඩවි 100 ක් පමණ ඇතුලත් කර ඇති අතර ඒ සෑම එකක්ම මෑත කාලීනව යාවත්කාලීන කරන ලද ඒවා වන අතර ලිවීම අතිහිටවු බ්ලොග් කිසිවක් ඇතුලත්ව නැත 

මීට අමතරව දැනට කිසිදු සින්ඩිකේටරයකට ඇතුලත්ව නැති නමුත් නිතර ලිපි යාවත්කාලීන වන අලුත් wordpress සහ Blogspot යන වේදිකා (Platforms) වලට අයත් බ්ලොග් අඩවි ගනනාවක් මෙයට ඇතුලත් කර ඇත. 

නව සින්ඩිකේටරය Responsive මාදිලියක් ලෙස ක්‍රියාකරන බැවින්  ඔබට ඔබේ පෞද්ගලික පරිගණකය හරහා මෙන්ම ඕනෑම මොහොතක ඔබේ ජංගම දුරකථනය හරහාද පහසුවෙන් එයට ප්‍රවේශවිය හැකිය 

මෙම ලැයිස්තුවට දැන්ටමත් ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත්ව ඇතිනම් පහත දැක්වෙන කේතය ඔබේ බ්ලොග් අඩවියේ Html / java script යටතේ ඇතුලත් කර අපේ ලාංජනය ඔබේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගැනීමට කාරුණික වෙන්න




                            

16 comments:

  1. හොඳ වැඩක්. ඔන්න එකතු කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි ලිට්සීකර්

      Delete
  2. අජිත් ධර්මසෙන-මොස්කව්May 26, 2025 at 11:06 PM

    'අප වැනි පහල මැදපංතියේ මිනිසුන් මේවා පරිබෝජනයකල නමුදු ඒත් ඉදහිටය'

    දුප්පත් අඩු කුලේ ඩයල් එකක්. බාල සොසේජස් කරලකට ලෙමන් ටිකක් දාලා පු# ගහගන්න.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ වෙන රටකට වෙලා හිගන පඩියකට කඹුරන වංශාධිපතියකුට උනත් ලංකාවට ආවට පස්සෙ කන්න වෙන්නෙ සෝයා පුරවපු සොසේජස් තමා

      Delete
    2. මේක හදපු අකවුන්ට් එකක් දිස්කෝර්ස් . මේ මම නෙමේ

      Delete
    3. ඕකේ . මම හිතුවේ නැහැ ඔයා එහෙම හිතුව කියල . කෝකටත් කියල ලිව්වේ අනිත් පාඨකයන්ට ත් දැනගන්න

      Delete
  3. පාරිබෝගික අධිකාරිය ඇතුළු නානාවිධ ආයතන තියෙනව. ක්‍රියාත්මක වීම අඩුයි. අනික් අතින් මිනිස්සුට ඕව දැන් ඒ හැටි ගානක් නැතුව හෝ දැනුම් තේරුමක් නැති හැඩයි. පාරේ බිම දාගෙන කෑම විකුණන අතරේ රෙදි ඒසී කඩ වල විකිනෙනවා. කතාව කෙටියෙන් ඔච්චරයි!

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම ගිහින් තියෙන්නෙ නොපිටට

      Delete
  4. මම ලංකාවේ සොසේජස් කනවා අඩුයි . එංගලන්තයේ සුපර්මාකට් වල විකුනන ඒව අකන්නෙත් නැහැ . ඒවා වල මොනවා දාල තියෙනවද දන්නේ නැති නිසා . මම ප්‍රෝග්‍රෑම් දෙක තුනක දැක්ක , ගවයාගේ , උඅරගේ ඇතුන්ය් බහන් පවා දමනවා කියල . ඒ නිසා බුචර් කෙනෙක් ගෙන් තමා ගන්නේ .

    ReplyDelete
    Replies
    1. තමුසේ ටිල්වින් නාකියාගේ සොසේජස් එක කෑවා කියලා පද්මිනි තැන් තැන් වල කියනවා.

      Delete
    2. දැන් තේරුනා අර වගේ මගේ නම වගේ වෙන්න කොමෙන්ට් එකක් දාල බන්නවන්න හේතුව. උඹල වගේ මෝඩයින්ට කියන්න දෙයක් නැහැ . ටිල්වින් ලගෙන් කෙළවෙච්චි දුකට අඬන එක ගැන . ඒකට තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් වඩා හොඳට වැඩ කරලා ටිල්වින් ලාගෙන් බලය ගන්න එක . අපි වගේ එවුන්ට මඩ ගහන එක නෙමේ කාරිය . අපි ඉඳල මැරිලා යයි

      Delete
    3. (ලංකා ඊ නිව්ස් -2025.මැයි.27, ප.ව.7.45) තමන්ගේ නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ට එරෙහිව අලුත් නඩුවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. එම නඩුව ප්‍රකාරව තවත් දේශපාලකයන් රැසකට නඩු පැවරෙන ලකුණු පහල වී තිබේ. මන්ද යත් බොහෝ දේශපාලකයන්ට නීත්‍යානුකූල ආදායම අභිබවා කෝටි ගණන් දේපොල සහ බැංකු ගිණුම් තිබෙන නිසා ය. ඇත්ත වශයෙන්ම දේශපාලකයන් පමණක් නොව බොහෝ රාජ්‍ය නිලධාරීන්ට ද සිය නීත්‍යාණුකූල ආදායම් අභිබවා කෝටි ගණන් දේපොල ඇත.

      හිටපු ඇමැති මර්වින් සිල්වා මෙම වරද සිදුකර ඇත්තේ 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ බව අල්ලස් කොමිසමේ චෝදනා වල සඳහන් වේ. මුළු චෝදනා සංඛ්‍යාව දෙකකි.

      ඒ අනුව මර්වින් සිල්වා කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි තිස් නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් වැයකර තිබෙන බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.

      ඊට අමතරව මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසි තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පහකට කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කර තිබේ.

      මේ මුදල් ලැබුනේ කෙසේද යන්න පැහැදිලි කිරීමට මර්වින් සිල්වා අපොහොසත් වී ඇත.

      මෙම නඩුවට අමතරව දැනට මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉන්නේ රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන හදමින් පුද්ගලික ගැණුම් කරුවන්ට විකිණීම හේතුවෙනි.

      කෙහෙළියට අමතරව පුතා පමණක් නොව දුවත් ඇතුලට යන ලකුණු..
      මේ අතර දැනට රිමාන්ඩ් භාරව සිටින හිටපු ඇමැති කෙහෙළිය සහ පුත්‍රයා රමිතට අමතරව කෙහෙළියගේ දුව අමාලි රඹුක්වැල්ල ද ඇතුලට යන ලකුණු පහල වී තිබේ.

      ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කෙහෙළියට සහ රමිත ට චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා හෙළිකළ කරුණු අනුව කෙහෙළියගේ දියණියට ද චෝදනා එල්ල වී තිබේ.

      නිශාන්ත බණ්ඩාරට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා නිශාන්ත බණ්ඩාරගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය අමාලි රඹුක්වැල්ල විසින් කාඩ්පත් භාවිතා කරමින් මුදල් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.



      Delete
    4. මෙන්න මේවා නිසා දැන් අඬන්න වෙනවා නේද ? -මහින්දානන්දට වසර 10ක සිර දඬුවම්.. නලින් ප‍්‍රනාන්දුට වසර 25ක සිර දඬුවම්…
      May 29, 2025 at 11:27 am | lanka C news
      මහින්දානන්දට වසර 10ක සිර දඬුවම්.. නලින් ප‍්‍රනාන්දුට වසර 25ක සිර දඬුවම්…
      හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත.

      ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමිනි.

      එවකට ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේත් සතොස සභාපති ලෙස නලින් ප‍්‍රනාන්දුත් කටයුතු කලේය.

      ඔවුනට ඊට අමතරව දඩ මුදල්ද නියම කර ඇත.

      Delete
  5. සින්ඩියට යෝජනාවක් -
    techpresso වගේ newsletter එකකුත් add කරන්නකො. එතකොට ඕනි කෙනෙක්ට email එකෙන්ම අලුත් පෝස්ට් බලන්න පුලුවන් නෙහ්.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී බලමු. හැබැයි බ්ලොගයට පිවිසනේනෙ නැතුව ලිපිය විතරක් කියවන්න පුලුවන් විදිහට හැදුවොත් බ්ලොග්කරුවො අතර අන්තර් සම්බන්ධතාවය නැතිවෙලා යනව නේද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි