08 September 2024

මගේ සංගීත සවාරිය - Taste Of 80's Hits

කොලඹින් දුර බැහැර මාධ්‍යම පාන්තික පවුල්වල අපට කුඩා කල සිට ඉංග්‍රිසි කතා කිරිමේ හෝ බටහිර ගීත ඇසීමේ සංස්කෘතියක් තිබුනේ නැත. 90 දශකයේ අපට අසන්ට ලැබුනේ වඩාත් දේශියකරනයට ලක්වු දිවුල්ගනේ ,කපුගේ, නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි අයගේ ගීතයි. නමුත් මම අසා ඇති ආකාරයට 80 දශකයේදී ලංකාවේ දුර බැහැර පලාත්වල පවා BoneyM ,ABBA , මයිකල් ජැක්සන් ගේ සහ තවත් බටහිර නිර්මාන ජනප්‍රියව තිබු බව මා අසා ඇත .

ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සිංහල බෞද්ධ වාමාංශිකය විසින් ලංකාවේ කරන ලද ඉරාන විප්ලවයෙන් පසු ලංකාව තවතවත් බටහිර ලෝකයෙන් ඇත්වු බව මගේ විශ්වාසයයි .ඒ නිසාම අපේ රසවින්දනයේ කලාප නොව තවත් බොහෝ දේ අපට අහිමිව ගියේය . එනමුත් පෞද්ගලිකව මට කුමක් හෝ හේතුවක් උඩ ලංකාවේ පොදු සංගීත රසාස්වාදය පිලිබද අපුලක් දැනුනේ බොහෝ කලක සිටයි.  එය ඔක්කාරයට එන මට්ටමට පැමිණි මොහෝතේ මම මගේ සංගීත රසාස්වාදනය නැවත බටහිර කරා රැගෙන ගියෙමි. දැනට වසර හත අටක සිට මෙහාට මම එකදු හෝ සිංහල දමිල හෝ හින්දි ගීතයක් අසා නැත. 

මගේ පෞද්ගලික කැමැත්තට අමතරව ඒ තල්ලුව මට ලැබුනේ X කන්ඩායමේ අදහස් හරහාය. ඒ අනුව අති විශාල සංගීත ශානර සමුහයක විවිධ ගායකයින් හා සංගීත කන්ඩායම්වල ගීත අති විශාල ප්‍රමාණයක් මට අසන්නට හැකිවුනි .දැන් මම Spotify premium එකක් භාවිත කරමි. එහි මගේ ප්‍රියතම ගීත ලැයිස්තුව සිය ගනනක් දක්වා ඉහල ගොස් ඇත. 

ඉන් අදහස් කරන්නේ මගේ රසවින්දනයේ සීමා පුලුල් වුන බවයි .හැබැයි විශේෂයෙන් කිවයුතු දෙයක් ඇත. මගේ සෑම ගීතයක්ම පාහේ 80 දශකයේ විවිධ සංගීත ශානරයන්ගේ ගීතයි. ඒය තුල Modern Talking,Jonny Hates Jazz ,Pink floyed,Tears for Fears,Savage,Richer Mrarks,Brian Adams  වැනි කන්ඩායම් සහ ගායකයින්ගේ ගීත ඇතුලත්ය. මම වඩාත්ම ආසකරන්නේ මේවා අසනවිට දැනෙන නොස්ටාල්ජියානු හැගීමටයි. 

කෙසේ නමුත් මට තවත් දෙයක් වැටහේ. නුතන බටහිර සංගීතය පවා දැන් සම්පුර්ණයෙන් පාහේ යම් අකාරයකට මානවීය බවින් දුරස්ව ඇති බවයි .බොහෝ දුරට එවායේ දැන් ඇසෙන්නේ ඉලෙට්‍රොනික නාද රටායි .නමුත් කාලය වෙනස්වේ. 80 දශකයේදි Synth Pop යනු යමි අකාරයකින් එකල තිබු ඉලෙට්‍රොනික සංගීත ක්‍රමවේදයකි .එබැවින් එහි වැරැද්දක්ද නැත .නමුත් මම 80 දශකයේ සංගීතයට ඉතා තදින් බැදී සිටිමි .



4 comments:

  1. සිංහල උනත් ඉංග්‍රීසි උනත් 70, 80 දශකවල සිංදු තමයි අපට අහන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කලේ බිහිවුන ගීතවල වචන (භාශාව) තිබුනා
      නමුත් දැන් වදන් වෙනුවට සංගීත රිද්ම ඛන්ඩ විතතරයි තියෙන්නේ

      Delete
  2. මම ඔය සින්දු ඉස්සෙල්ලම ඇහුවේ ගුවන් විදුලියේ ඉංගිරිස් සේවයෙන් . රුසියාවට ගියාට පස්සේ ඩිස්කෝ වල සින්දු අහලම දැන ගත්ත . මොඩර්න් ටෝකින් හෙම හෙන ජනප්‍රියයි ඒ කාලේ එහෙ

    ReplyDelete
    Replies
    1. මොඩරන් ටෝකින්ලට වැඩිම ෆැන් බේස් එකක් ඉන්නේ ජර්මනියටත් වඩා රුසියාවේ
      කලාවෙන් තමයි මිනිස්සු හදන්නේ කියල ලංකාවේ වම්මු ශාස්ත්‍රිය පෙරදිග සංගීතය තමා වැදගත්තේ

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි