24 August 2024

පලමුව ඛේදවාචයකි - දෙවනුව විහිලුවකි ( first as a tragedy, second as a farce)

ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව  යන කියමන කාල් මාක්ස්ගේ ඉතා සුප්‍රකට වැකියකි .බොහෝ දෙනා එහි නොදන්නා කොටස වන්නේ පලමුවර එය කේඛවාචයක් වනවිට එයම නැවත සිදුවනවිට දෙවන වර එය විහිලුවක් බවට පත්වන බවයි. 

පලමුවර අපට ආපසු හැරවිය නොහැකි තරම් ඛේදවාදචයක් කරා ගමන් කිරීමට සිදුවිය .එහිම දිගුවක් ලෙස අපට විශාල විගඩමක්ද අවසානයේ දැකිය හැකිවුනි. 

ඔහු ඉන් පැහැදිලි කිරීමට උත්සහ කල දේ පහත පටු උදාහරණයට හරියටම සමපාත කල නොහැකි උනත් එය ගැලපෙන වැකියක් යැයි මට සිතේ. 



“ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන පනත සම්මත වුවහොත් ලංකාව මාස හයක් ඇතුළත මදුරාසියේ කොටසක් වනු ඇතැ”යි ඔහු (F R ජයසුරිය ) ප්‍රකාශ කළේය. 

ආරම්භයේ දී බණ්ඩාරනායක එෆ් ආර් ජයසුරියගේ විරෝධය හෙළා දුටුව ද පසුව ඔහු සමග සම්මුතියකට එළැඹියේය. උපවාසයේ නියුතු ජයසූරිය වෙත එළැඹි බණ්ඩානායක අගමැතිවරයා ඔහු වෙත දොඩම් යුෂ වීදුරුවක් පිරිනමමින් උපවාසය නතර කිරීමට එකඟකරවාගත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවූ ඔහුට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලබා දීමට ද පොරොන්දු විය. 

ජයසූරිය සිය පාර්ලිමේන්තු කතාව මගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහාය තමන්ගේ අන්තවාදී සිංහල ස්වෝත්තමවාදී මතයන්ට ලබා ගැනීමට සමත් විය. 

උපුටා ගැනීම - Jdslanka.com

ශ්‍රී ලංකාව සම්බන්ධ උපදේශක මණ්ඩලය අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට බලකරමින් අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සිය මාරාන්තික උපවාස ව්‍යාපාරය ආරම්භ කළේය. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට ගත් පියවරට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉංජිනේරු සේවා, නිවාස, ඉදිකිරීම් සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට සිය මාරාන්තික උපවාස ව්‍යාපාරය අත්හැරීමට සිදුවිය.

මහින්ද රාජපක්ෂ මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් ඔහුට පොල් (තැඹිලි) වතුර වීදුරුවක් පිරිනැමීය. 

වාර්තා වූ වකුගඩු රෝගයකින් සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු වීරවංශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා විසින් පිළිගන්වන ලද පානය පිළිගෙන උපවාසය අත්හැරියේය 

උපුටා ගැනිම - Sunday Observer 2010/07/11

2 comments:

  1. දැයට හිතැතියන් හිටියේ ඉස්සරය
    දේශපාලනේ කෙරුවෙත් ඒ අයය
    දැන් ඉන්නා වැඩි හරියක් පල් හොරුය
    හැබැයි, නියමෙටම රැඟුමට හපනුන්ය!

    ReplyDelete
    Replies
    1. ඉස්සර දැයට හිතැති අය දේශපාලනය කලාය කියන එක බොරුවක් පංචේ

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි