බොහොම දුර ඈත අතීතයේ ඉදලම මිනිස්සු සන්නිවේදය සදහා විවිද ක්‍රම භාවිත කලා. මුල්ම කාලේ හස්ත සංඥා ,වාචික භාශා, ලේඛන, සංකේත ඉදල මහා පුලුල් පරාසයක් දක්වා ක්‍රමෝපායන් භාවිත කලා. වාචික භාශා ,නැත්නම් භාශාවක් කතාකිරීමෙන් කරන සන්නිවේදනය තමා අද වෙනකොටත් පහසු මෙන්ම ප්‍රභලතම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තියෙන්නේ. එහෙවු භාශාව විධිමත් සහ අවිධීමත් එහෙමත් නැත්තම් පිලිගත් නොපිලිගත් ශිෂ්ට අශිෂ්ඨ විිදිහට කොහොම බෙදුවත් මේ හැම එකෙන්ම සිද්ධවුනේ සන්නිවේදනයක් තමා.
මිනිස්සු එදා ඉදල තමන්ගේ හිතේ තියෙන හැගීමක් ප්‍රකාශ කරන්න යම් කිසි තනි වචනයක් හරි වචන කිහිපයකින් හැදුන වාක්‍යක් හරි තමා භාවිත කලේ. උදාහරනයක් විදිහට තවකෙකුගේ ජයග්‍රහනයකදි නැත්නමි සැමරීමකදි වගේ සතුටු අවස්තාවකදි "Congratulations" නැත්නම් "සුබපැතුම්" යන වදන භාවිත කලා. මේක අපි දන්න සියලුම දියුනු සමාජවල දකින්න පුලුවන් දෙයක් .
මේ වගේ මිනිස්සු සතුට, දුක, වේදනාව, තරහව වගේ හැගීම් බාහිරට ප්‍රකාශ කරන්න විවිධ වචන භාවිතා කරනවා .මේක ශිෂ්ඨ වෙන්නත් පුලුවන් අශිෂ්ඨ වෙන්නත් පුුලුවන්. සම්මතය අනුව අශිෂ්ඨයි කියල බෙදන්න පුලුවන් වචන බොහොමයක් තරහව නැත්නම් වෛරය කියන හැගිම පිටතට මුදාහරින්න බාවිත කරන වදන්. නැත්නම් "කුනුහරප" කියෙන ඒවා බොහෝමයක් සම්බන්ද වෙලා තියෙන්නේ මිනිස් ලිංගික අවයව ,ලිංගික හැසිරිම් කියන සාධකත් එක්ක. මේ කියන කුනුහරපත් ඕනෑම ශිෂ්ඨසම්පන්න සමාජයක් දකින් පුලුවන් .
මේ කතාව ෆක් (Fuck) ගැන. ඒ කියන්නෙ ස්ත්‍රි පුරැශ සංසර්ගය (Sexual intercourse) නැත්තම් අශිෂ්ඨ වචනයෙන් කියනවනම් (*හුකනව) කියන වදන ගැන .මේ අර්ථය ලංකාවේදි නම් කිසිම ප්‍රසිද්ධ මාධ්‍යක හෝ පොතක හෝ පුවත්පතක ඒ ආකාරයෙන්ම යෙදිල තියෙනව අපිට දකින්න ලැබෙන්නෙ නැති වුනත් බටහිර ලෝකය තුල එය සාමාන්‍යකරනය වු දෙයක් බවට පත්වෙලා.
ප්‍රසිද්ධ දැන්වීමි තුල ජනප්‍රිය රෑපවාහිනි නාටක වල වගේම පුවත්පත් තුලත් තියෙනව කියන්න පුලුවන්. ඒ කියන්නේ බොහෝ දුරට බටහිර තුල තවදුරටත් මේක අශ්ලීල වචනයක්ම කියල බෙදන්නත් බෑ.මේ ඉංග්‍රිසි වදන බටහිර ලෝකය තුල විතරක් නෙවේ පෙරදිගත් ජනප්‍රියයි. බටහිර ජනප්‍රියවාදි සංස්කාතිය පෙරදිගට පැතිරෙනවත් එක්කම ඒ කියන්නේ බටහිර චිත්‍රපට, රැප් හා හිප්හොප් සංගිතය, ටෙලිනාට්‍ය, සුපිරි චරිත,ආහාර සංස්කාතිය,ක්‍රිිඩාව වගේ දේවල් හරහා නිතර ප්‍රකාශ වුන මේ වදන පෙරදිගත් ජනප්‍රිය වෙනව.
කලින් කිවුව වගේම මේ වදන හරහා පීඩිත මිනිස් සිතුවිලි එලියට පන්නන ,නැත්නම් මලපැනපු වචනයක් විදිහට සංවර්ධනය වෙලා තියෙන ආකාරය තමා පහත තියෙන්නෙ ......
Fuck off - මකබෑවියන්,පලයන් යන්න
Fuck on - වර,මෙහාට වර
What the Fuck - මොන මගුලක්ද ,මොන රෙද්දක්ද
Fuck over - අසාධාරන ලෙස යමක් කර ගැනීම
Fucked up - වියවුල් සහගත වීම
Fuck you - හෙනගහපිය
Fucked out - උත්සහයන් නිශ්ඵලවිම,අධීක ලෙස පීඩාවට පත්ව සිටීම
Holy Fuck - තුශ්නිම්භුතවු අවස්තාවකදී එය ප්‍රකාශ කිරීමට භාවිත කරයි
Fuck around - යම් කෙනෙක් හෝ දෙයක් සමග අධීක ලෙස කාලය නාස්ති කිරීම
Fuck shit - ඉතා කරදරකාරී සහ අප්‍රසන්න දෙයක් හෝ පුද්ගලයෙක්
පසු සටහන - *මේ ලියැවුන වදන ගැන කිසිවෙකුත් කලබල විය යුතු නොවේ. එමෙන්ම ඉහත ඉංග්‍රිසි වදන් වල අර්ථය Urban dictionary හා Farlex dictionary යන වෙබ් අඩවි වලන් ලබා ගත් ඒවා මෙන්ම ඒ වදන් ඒ ඒ ජනසමාජවල භාවිත වන වදන් නිසා ඒවායේ අර්ථයන් හි සම්පුර්න නිවැරදි භාවය තහවුරු කර ගැනීම අපහසුය.
effing good writing
ReplyDeleteThank for encouraging me Pra jay
Deleteහුකනව කියන වචනෙත් ඔය වගේ විවිධ අර්ථ තියෙනව. ඒ උනාට අපි හෙණ ශිෂ්ට සමාජයක් නිසා ඒ ගැන සමාජයෙ විවෘත කතිකාවක් නෑ.
ReplyDeleteඇත්තටම ඔවු
Deleteමේක ලිවුව මම උනත් මේ වචනේ දානවද නැද්ද කියල කීප සැරයක්ම කල්පනා කලා
අර වචනේ ප්‍රසිද්ධියේ කියන්න නිකං මොකක්ද මොකක්ද වගේ හින්දානේ දැන් අලුතින් ‘ටෞකන්ඩ‘ කියලා වචනයක් හදාගෙන තියෙන්නේ. නැද්ද ආයිබෝං?
ReplyDeleteඇත්තටම ඔබගේ උත්සාහය සාර්ථකයි. ඔබ අපට මෙහි නව මුහුණුවරක් පෙන්වා දෙනු ලැබුවා. කෙලින්ම කියනවනම් සමාජ ක්‍රමය මීට වඩා වෙනස් විය යුතුයි.
ReplyDeleteලෙමන් මහත්තයාට කියන්න මාත් ඔය ෆක් ගැන පෝස්ටුවක් ලිව්වා අවුරුදු ගානකට කලින්..
ReplyDelete