එකල වුවද ග්‍රාමිය මට්ටමෙන් අන්තර්ජාල භාවිතය තිබුනේ නොගිනිය හැකි තරම් අඩු මට්ටමෙනි. ඇත්තම කිවහොත් මා 2010 වසරේ ඩොන්ගලයක් හරහා අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාගන්නා තෙක්ම අන්තර්ජාලයට පිවිසුනේ මට ආසන්නතම ප්‍රධාන නගරයේ වු ඉන්ටර්නෙට් කැෆේ එකකින්ය. ලිපිය විජය පරිඝනක සගරාව හරහා කියැවු දිනයේ පටන් මට මගේම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට අව්යශවුන නමුත් එකල අපට තිබු යටිතල පහසුකම් වල දුබල තාව මට එය දිගට කරගෙන යාමට නොහැකි විය .
පසුකලෙක සගරාවේ දුටුව ලෙස මගේ පලමු බ්ලොගය නිර්මානය වුයේ එලෙස කැෆේ එකක් තුලය. ඒ මා එදින 2009 උසස් පෙල ආර්ථික විද්‍යා පන්තිය කට් කර ගොස් හැදුවක් නිසා එහි නම Econica නම් වුන අතර (මට මතක හැටියට) ඒ ගැන කිසිදු දත්තයක් දැන් මා සතුව නැත. කෙසේ නමුත් මම 2011 දි ඉන් පසුව සැදු තාක්ශනික ලිපි ඇතුලත් බ්ලොගය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සිංඩියට ඇතුලත් කල අතර සිංහලෙන් ලියැවුන ඉතා වටිනා ලිපි ගනනාවක් කියැවීමටත් මම ලියු ස්වල්පයක් ලිපි අනිත් අය කියවන්නට ඇතැයි සිතමි.
ඉන් පසුව මා මගේ පලමු රැකියාවට 2013 වර්ශයේ මුල පිටත්ව ගිය පසු මට බ්ලොග් මග හැරුනු අතර නැවත 2014 අග භාගයේදී ''ලෙවියාතන්'' යන නමින් නැවත බ්ලොග් වලට අතගසා පාඨක සිත් දිනු ලිපි කිහියක් ලිවීමට හැකි වුන නමුදු බොහෝ හේතු සාධක මත බිලොග් අවකාශය තුල අඛන්ඩව රැදි සිටීමට නොහැකි විය ගිලෙමින් මතුවෙම්න් බොහෝ කලක් තිස්සේ මගේ ලිපි 20 කටත් අඩු ගනනක් පමනක් ලීවේමි.
කිසිවෙකුත් මා හදුනන්නේ නැත .මාද කිසිවෙකුත් නොහදුනමි .එසේ නමුදු අප අතරින් වෙන්වු විචාරක මහතා හසිත ප්‍රසාද්,ඩියෝන් මිතිල,රාජ්,දේශකයා මහත්මා,අමිල චතුරංග මහතා මෙන්ම දැනට බ්ලොග් කරනයෙන් ඉවත්ව සිටින නිම්නයක තනිවී හින දකින්නියද ඒ ලියු කෙට් සටහන් වෙනුවෙන් මට දැක්වු ප්‍රතිචාරවලට ස්තුතිකල යුතුයි .
මට බ්ලොග් අවකාශය තුල මගහැරුනු කාලය ආපසු ගත නොහැකි බව හොදින් දනිම්. 2009 අැරඹු බ්ලොගය අඛන්ඩව පවත්වාගෙන ගියේ නම් මාද දැනට ලංකාවේ සිටින අතලොස්සක් වු පැරනිම බ්ලොග් කරුවන් අතරින් කෙනෙක් වන්නට තිබුනි .පසුගිය කාලය තුල මා විසින් ඉහත කී ලෙස බ්ලොග් වේදිකාවක (Platform) ලිපි කිහිපයක් ලිුයු නමුත් මා කිසි දිනෙක බ්ලොග් කරුවෙක් නොවුයෙම්. මන්ද කෙනෙකු යමි දෙයක් ගැන පරිනත වන්නේ ඒ දෙය දෙස බලා සිටි කාලය මත නොව එහි නියැලී ලබාගත් අත්දැකීම් සමුදාය මතයි. ඒ බැවින් මා බ්ලොග් ලෝකයට තවමත් ආධුනිකයෙකි...
අද සිට ඇරඹෙන ජෝන් ලෙමන් ගේ (ලෙනන් නොවේ) සීනි බනිස් බ්ලොගය මගේ සිතට දැනෙන නිවැරදියි මෙන්ම වැදගත් ලෙස හිතෙන අදහස් වලින් මෙන්ම ඔබත් මමත් ජිවත් වෙන මේ පොලව මත සිටින අපේ මිනිසුන්ගේ හිත් නිවන මෙන්ම හිත් දැනුමෙන් පුරවන ලිපි වලින් පුරවන අදහසින්.............. බ්ලොග් ලෝකයට පිවිසෙමි.......
(ජෝන් ලෙමන් )
රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාක්සයන් රාක්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංඟනාවන් සැඟවී ඉන්න වළාවක්
අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාවක් //
පරණ එකම ලියහංකෝ ඉතින්
ReplyDeleteඑදත් වගේ හරබර ලිපි ලිවීයන්
ReplyDeleteතවත් කල් නොයා ඇරඹුම ලබාපන්
මලුත් කටුත් ඉදිරියෙ දිරි ලබාපන්
අලුත් බ්ලොගය දිගු කල් මෙහි රැඳීයන්......
ජයවේවා!!!
Thanks දුමියා....
Delete