11 March 2018

ගොබ්බයන්ගේ වැඩ නිසා දැන් සැමටම කෙලවී තිබේ - ( Facebook වාරණයේ අතුරු කතාවක්)

ෆේස්බුක් Block කර අනිද්දාට දින හතක් පසුවේ. බුකියේ රවුම් ගමින් සිටි උන්ට, පොරටොක් සංගම්වලට, කේලම්කාරයන්ට, ගොසිප්කාරයන්ට ,පොශ් නංකිලාට, කීබෝඩ් විප්ලවකාරයන්ට, ජාතිවාදින්ට, ජඩයන්ට අන්තවාදින්ට, සිගිිති පාතාලයන්ට ,ආගමික උන්මත්තකයින්ට ,පරයන්ට මේ වනවිට තදින් උන ගැනී තිබේ.

2010 ජනාධිපතිවරන සමය මට මතකයට නැගේ. බුකිගත විමේ පහසුකම තිබුනේ අතලොස්සකට පමනි.  ඒ කාලය වන විටත් අනිත් සියලු දෙනා අමතර තොරතුරක් දැනගත්තේ පුවත් පත් හෝ සගරාවලිනි. යුද අපරාද කතා, සුදුකොඩි කතා, මහා වාද ,හයිකෝප් කතා ,ඒ දවස්වල බොහෝම ඉහලට අලෙවි කිරීමේ හැකියාවක් පොදු මාධ්‍ය සතුව තිබුනි. ඒඒ පුවත්පත් සහ මධ්‍ය අඩු වැඩි වශයෙන් බොහෝවිට පක්ශග්‍රහි ලෙස සහ මධ්‍යස්ත ලෙස ජනපති සටන අලෙවි කරමින් තිබනු අතර ඒ කාලය වන විට පවා ෆේස්බුක් හී බලපෑම තිබුනේ අතිශය අවම මට්ටමකයි .යම් තරමක හෝ සාධනීය දේශපාලන දැනුමක් තිබු කාලීන දේශපාලන සාක්ශරතාවක් ඇති අය තීරන ගනු ලැබුවේද ඉහත අකාරයේ මාධ්‍ය සම්ප්‍රධායකට යටත්වයි.

පසුගිය වසර කිහිපය තුල ඉතා සිග්‍රයෙන් ප්‍රචලිත වු ෆේස්බුක් සමාජමාධ්‍ය ලංකාවට පමනක් නොව ලෝක දේශපාලනයටද කල බලපෑම අතිශය ප්‍රබලයි. සුලුකාලයක් තුල මැදපෙරදිග බලවත් රටවල් කිහිපයක් ඔස්සේ ගලාගිය බටහිර හස්තයකින් ක්‍රියාත්මක වු  මැදපෙරදිග වසන්තයේ මාරක සුලග හමාගියේ එ ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව  ෆේස්බුක් හරහායි.

ඉහත 2010 සිට මේ දක්වා කාලය තුල විවිද රැලි නංවමින් ලංකාව තුල සමස්ථයක් ලෙස  ෆේස්බුක් බාවිතා වුයේ රස්තියාදුකාරයින්ගේත් ඇටිටිම්බන්ගේත් ජාතිවාදින්ගේත් දේශපාලන හෙංචයියන්ගේත් තිප්පොලක් ලෙසයි .සිංහල මුස්ලිම් වෛරය රැල්ලක් සේ පැතිර ඒමට ප්‍රධාන මාධ්‍ය සහකරු ලෙස මේ  "ජෙහාන්ලා'' තෝරාගත්තෙ මේ සුලබ මාධ්‍යයි .

මේ කියන කාරනයේ දෙපැත්තක් තිබේ . එකක්නම් හැමවිට සමාජමාධ්‍ය හරහා බොරුව ප්‍රකාශ වනවායැයි කීම මිත්‍යාවකි .ආන්ඩු  දැන් සැමවිටම සමාජ මාධ්‍ය භිතිකාවකින් පසුබන බව අපි සියලු දෙනා මතක තබාගත යුතුයි. මේ සමාජමාධය හරහාම සත්‍ය තොරතුරු ජනතාව වෙත ගලාගිය අවස්තා අපමන තිබේ. සරල උදාහරනකින් කිවහොත් බිලියන ගනනක් කොල්ලකෑ බැදුම්කර සිද්ධිය මේ සමාජ මාධ්‍ය නොවන්නට නිසැක වශයෙන්ම පහසුවෙන් යට යන්නට ඉඩ තිබින.පුවත්පත් හරහා එවැනි හාරා ඇවිස්සීමක් තිබුනේනම් මොන යහපාලන බයිලා දැන් ගැසුවද ලසන්ත වික්‍රමතුංගලාට අත්වු ඉරනමම ඒ මාධ්‍යවේදින්ට අත්වනු නිසැකයි. එැබැවින් මගේ මතය නම් සමාජමාධ්‍ය සැබැවින්ම ජනවේදිකාවකි .කල යුතු වන්නේ පිස්සන්ගෙන් වේදිකාව ප්‍රවේශම් කර ගැනීමයි . 

දෙවැන්න රාජ්‍යයේ මැදිහත් වීමයි. 
රාජ්‍යයේ මැදිහත් වීම යම් තරමකට අවශ්‍ය වන බව පෙනෙන්නට තිබුනත් බොහෝවිට එය ඉදිරියේදි අනවශ්‍ය අතපෙවිමක් දක්වා වර්ධනය වීමට ඉඩතිබේ. පසුගිය මහනුවර සිදුවිමේදි එයට අදාල ලයිසයන් එක ආන්ඩුව විසින් අතට ගන්නා ලදී. මින් ඉදිරියට මේ ආන්ඩුව හෝ ඉදිරියේදි පත්වන ඕනෑම ආන්ඩුවක් විසින් ගන්නා ඕනෑම ජඩ තීරනයක උනුසුම පහව යනතෙක් ෆේස්බුක් අවහිරකිරීම බලාපොරොත්තු විය යුතුයි. මේ වන විටත් නිසැක වශයෙන්ම අවහිර කර තිබු මේ සතියක කාලය තුල අන්ඩුවට සිදුවු මහජන බලපෑමේ ප්‍රතිශතය අවමවීමේ ප්‍රමානය ගනනය කිරීමේ වැඩකටයුතු අරඹා ඇති බවට සැකයක් නැත.

මේ හරහා ගලායන ජාතිවාදය, බොරුව, අපහාසය, පැතිරවීම  සුබුද්ධික පරිශීලකයින් මෙවැනි අපහාසාත්මක දේ පැතිරයාම වැලැක්වීමට එවැන්නක් දුටුපසු නොදැක්කාවගේ යාම වෙනුවට ඒවා ෆේස්බුක් පරිපාලක මන්ඩයට රපෝර්තු කිරීමට හුරුවීමේ ප්‍රවනතාවක් ඇති කර ගත යුතුය. සැලකිය යුතු පිරිසකගේ එකතුවීම මගින් එවැනිදේ කල හැකි බවට අත්දැකීම් තිබේ. සැබෑම කතාව නම් මෙවැනි ට්‍රෙින්ඩ් එකක් ඇතිකිරීම හෝ යමි කිසි පොදු අරමුනක් වෙනුවෙන් එක් රැස් කිරීම පහසුවෙන් කල හැක්කක් නොවේ. ඒවාට දැනුවත් කිරීම් කල යුුතු සේම යම් කාලයක්ද ගතවේ.

කෙසේ නමුත් දැනට නම් කිව හැක්කේ ගොබ්බයින්ගේ වැඩ නිසා දැන් සැමටම කෙලවී ඇති බවයි...... ලයිසන් එක ආන්ඩුව අතටම අරන් ඇත.


2 comments:

  1. පිස්සන් හා අන්තවාදීන් lunatic fringe එකේ හැම රටේම ඉන්නවා
    ඒත් ලංකාවේ ප්‍රවණතාවයක් ආවා උන් main stream වෙන්න. එතකොට හැමෝටම පාඩු වෙනවා

    ReplyDelete
  2. සහතික කරනා ලද තිත්ත ඇත්ත

    ReplyDelete