07 April 2018

පුපෙන් යන ගමන් සමරන අවුරුදු.... (Walking on Ass New Year)

දුක් කම්කටොලු, රන්ඩු ,වංචාවන්, තක්කඩිකම් මැද මේ රටේ එක් අවුරුද්දක් ගතවී තවත් අවුරුද්දක් මතු වෙන්නේ පුදුම වේගයකිනි.

ටීවි වලට ඔලුගෙඩිය ඔබා සිටින්නන් අවුරද්දක් තිස්සේ ඔලුව ජහ ජරාව වලින් පුරාවගෙන සිට පොඩ් අමුතු ආකාරයේ බ්‍රේක් එකක් ගන්නේ මේ අවුරුදු කාලයේදී.

කොහා දැන් කෑ ගහන්නේ නැත. උටත් එපා වී ඇත. කලට වැස්ස නැත ගොවිතැනට හෙනගසා තිබේ. සරලව කිවුවොත් මේ රටේ මිනිස්සු දැන් ඇවිදින්නේ පුකෙන්ය.

පෙබරවාරි 28 න් පසු චැනල් ගොයියන් අලුත් ආකාරයේ වැඩකට අතගසයි . ඒ ඉදගන්න පුටුව නැතත් සාලයේ මැද්දෙ තියෙන රේඩියෝ කට්ට හෝ ටිවි කට්ට ඔස්සේ අලුත් අවුරුදු ආතල් එකක්  කන්න බොන්න තියා හිල්වුන වහලෙට පැලැස්තරයක් අලවගනන්න වත්කමක් නැති පුකෙන් යන ජනතාවට විකිනීමයි. 

මේ අවුරුදු (කියා ගන්නා) සමය සැබැවින්ම පොදු මහජනතාවගේ අවුරුද්දක් නොව  මාකටින් ගරන කොම්පැනිකාරයන්ගෙන්  එක් දැන්වීමට විසි තිස්දාහේ සිට ලක්ශ 7-8 දක්වා ගාන කපන චැනල් කාරයන්ගේ අවුරද්දයි .ඔක්කොටම කලින් අවුරුදු කැක්කුම උන්ට ඇතිවන්නෙ ඒකයි.  

ඇත්ත කතාවනම් දැන් මේ රටේ ජනතාව සිටින්නේ අවුරැදු සැමරීට තියා පාන් කියා ගැනීමටත් නොහැකි තත්වයකයි. 

මට හිතෙන හැටියට මොන අමාරුකම් මිනිසුන්ට තිබුනත් උන් අවුරුදු කියා දෙයක් සමරන්න හිතන්නෙවත් මේ මාධ්‍ය වලින් පුරා පෙර දෙමසක් තිස්සේ දෙන අවුරුදු උත්තේජනය නිසා විය යුතුයි.

මේ උත්තේජනයෙන් පසු එන්නේ කිරිපිටි,සොසේජස්, කොකාකෝලා, ෆුඩ්සිටි, සහ අතේ ඇති සතේම හුරාගෙන අවුරුද්දකට සල්ලි හිරකරගෙන සොච්චම් පොලියකට මොකක්හරි චයිනිස් බඩුවක් විකුනන බැංකු කොම්පැනිකාරයන්ගේ අවුරුදයි.

 හැමදාම හොම්බෙන් ගිහින් එක දවසක්වත් ආතල් එකේ එන්න ඒක හෙන කික් එකක් යැයි කියා කෙනක්ට කියන්න හැකිය.

පාරම්පරිකව පැවත එන අපේ  හෙල සිරිත් රැක ගැනීමට හෝ ඊලග පරම්පරාවට දායාද කිරීමට එය මහත් පිටු බලයක් යැයි පාරම්බෑ හැකිය. 

ඒත් උන් දෙන්නේ මාකටින් පාරක් බව නම් සත්තයි.

දහඅතේ ණය වී හෝ ගෙදර බඩුවක් චෙන් එකක් හෝ වෙන මොකක් හේ අයිටම් එකක් උගසට තබා අවුරුදු ආතල් එක ගත්පසු එතැන් පටන් මාසයේ ඉදන් හොම්බෙන්වත් යාමට නොහැකිව බහුතරයක් ජනතාව අසරනවන බව අපි හොදින් අත් දකිනා කාරනයකි ...





17 March 2018

අන්තර්ජාලයෙන් ගෙන්වු පොත් - Books bought on Grantha.lk

ජංගම දුරකතනයත් අන්තර්ජාල සමිබන්ධතාවත් නිසා කලකට පෙර  අත්හැරීගිය පොත් කියැවීමේ පුරුද්ද නැවතත් අලුත් කර ගැනීමට මට හිතුනේ, පසුගිය දිනවල නැරඹිමට පටන් ගත් ටෙලිනාට්‍ය දෙකකින් ලද අභිප්‍රේරනයන් නිසා බව මට පැහැදිලියි.

ඒ නාට්‍ය දෙක නම් බොහීමියානුවා සහ සහෝදරයා, තිර රචනාවන් දෙකම නාමල් ජයසිංහ මිත්‍රයාගෙයි. මුහුනුපොත් සක්‍රීය ''පොත් කියවන අය'' කන්ඩායමෙි නිතර කතාබහ වනු නමුත් මම ජිවත්වන ප්‍රදේශයේ හොයාගන්න අපහසුවුන, කියවන්න ආසාවෙන් හිටපු පොත් කිහිපයක්ම මේ ඔන්ලයින් පොත් කඩෙන්  මිලට ගන්න  ලැබුනා.පොඩි අපහසුතාවකට තියෙන්නේ එතැන තියෙන පොතක අන්තර්ගතය කියවන්න පහසු එකක්ද අපහසු එකක්ද කියල තීරනය කරන්න ටිකක් අමාරුයි.

දැතිරෝදෙන් උපන් බුදුන්,බල්ලෙකුගේ හදවත සහ දොන් පෙදෙසේ නොපල කතා කියන මේ පොත් තුනට අමතරව බටුවන්ගල රාහුල හිමිගේ උපන් ලපය සහ ගාර්සියා මාකෙස්ගේ ලියපු කෙටි කතා කිහිපයක් ඇතුලත් පොතක් මේත් එක්ක මිලට ගත්තා.

හොද පොත් පත් කිහිපයක්ම මිලට ගන්න අවස්තාව ලැබුනා Grantha.lk එක හරහා. කොලඹ ඉදන් අනුරාධපුරේට පොත් 5ක් ඩිලිවර් කරන්න කුරියර් ගාස්තු රුපියල් 200 ක් වියදම් උනත් පැය 24ක් ඇතුලත පොත්ටික අතටම ලැබුනා.

** නවමු අත්දැකීමක් නිසා පල කල ලිපියක් මිස ප්‍රචාරක දැන්විමක් නොවන බව සලකන්න **



11 March 2018

ගොබ්බයන්ගේ වැඩ නිසා දැන් සැමටම කෙලවී තිබේ - ( Facebook වාරණයේ අතුරු කතාවක්)

ෆේස්බුක් Block කර අනිද්දාට දින හතක් පසුවේ. බුකියේ රවුම් ගමින් සිටි උන්ට, පොරටොක් සංගම්වලට, කේලම්කාරයන්ට, ගොසිප්කාරයන්ට ,පොශ් නංකිලාට, කීබෝඩ් විප්ලවකාරයන්ට, ජාතිවාදින්ට, ජඩයන්ට අන්තවාදින්ට, සිගිිති පාතාලයන්ට ,ආගමික උන්මත්තකයින්ට ,පරයන්ට මේ වනවිට තදින් උන ගැනී තිබේ.

2010 ජනාධිපතිවරන සමය මට මතකයට නැගේ. බුකිගත විමේ පහසුකම තිබුනේ අතලොස්සකට පමනි.  ඒ කාලය වන විටත් අනිත් සියලු දෙනා අමතර තොරතුරක් දැනගත්තේ පුවත් පත් හෝ සගරාවලිනි. යුද අපරාද කතා, සුදුකොඩි කතා, මහා වාද ,හයිකෝප් කතා ,ඒ දවස්වල බොහෝම ඉහලට අලෙවි කිරීමේ හැකියාවක් පොදු මාධ්‍ය සතුව තිබුනි. ඒඒ පුවත්පත් සහ මධ්‍ය අඩු වැඩි වශයෙන් බොහෝවිට පක්ශග්‍රහි ලෙස සහ මධ්‍යස්ත ලෙස ජනපති සටන අලෙවි කරමින් තිබනු අතර ඒ කාලය වන විට පවා ෆේස්බුක් හී බලපෑම තිබුනේ අතිශය අවම මට්ටමකයි .යම් තරමක හෝ සාධනීය දේශපාලන දැනුමක් තිබු කාලීන දේශපාලන සාක්ශරතාවක් ඇති අය තීරන ගනු ලැබුවේද ඉහත අකාරයේ මාධ්‍ය සම්ප්‍රධායකට යටත්වයි.

පසුගිය වසර කිහිපය තුල ඉතා සිග්‍රයෙන් ප්‍රචලිත වු ෆේස්බුක් සමාජමාධ්‍ය ලංකාවට පමනක් නොව ලෝක දේශපාලනයටද කල බලපෑම අතිශය ප්‍රබලයි. සුලුකාලයක් තුල මැදපෙරදිග බලවත් රටවල් කිහිපයක් ඔස්සේ ගලාගිය බටහිර හස්තයකින් ක්‍රියාත්මක වු  මැදපෙරදිග වසන්තයේ මාරක සුලග හමාගියේ එ ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව  ෆේස්බුක් හරහායි.

ඉහත 2010 සිට මේ දක්වා කාලය තුල විවිද රැලි නංවමින් ලංකාව තුල සමස්ථයක් ලෙස  ෆේස්බුක් බාවිතා වුයේ රස්තියාදුකාරයින්ගේත් ඇටිටිම්බන්ගේත් ජාතිවාදින්ගේත් දේශපාලන හෙංචයියන්ගේත් තිප්පොලක් ලෙසයි .සිංහල මුස්ලිම් වෛරය රැල්ලක් සේ පැතිර ඒමට ප්‍රධාන මාධ්‍ය සහකරු ලෙස මේ  "ජෙහාන්ලා'' තෝරාගත්තෙ මේ සුලබ මාධ්‍යයි .

මේ කියන කාරනයේ දෙපැත්තක් තිබේ . එකක්නම් හැමවිට සමාජමාධ්‍ය හරහා බොරුව ප්‍රකාශ වනවායැයි කීම මිත්‍යාවකි .ආන්ඩු  දැන් සැමවිටම සමාජ මාධ්‍ය භිතිකාවකින් පසුබන බව අපි සියලු දෙනා මතක තබාගත යුතුයි. මේ සමාජමාධය හරහාම සත්‍ය තොරතුරු ජනතාව වෙත ගලාගිය අවස්තා අපමන තිබේ. සරල උදාහරනකින් කිවහොත් බිලියන ගනනක් කොල්ලකෑ බැදුම්කර සිද්ධිය මේ සමාජ මාධ්‍ය නොවන්නට නිසැක වශයෙන්ම පහසුවෙන් යට යන්නට ඉඩ තිබින.පුවත්පත් හරහා එවැනි හාරා ඇවිස්සීමක් තිබුනේනම් මොන යහපාලන බයිලා දැන් ගැසුවද ලසන්ත වික්‍රමතුංගලාට අත්වු ඉරනමම ඒ මාධ්‍යවේදින්ට අත්වනු නිසැකයි. එැබැවින් මගේ මතය නම් සමාජමාධ්‍ය සැබැවින්ම ජනවේදිකාවකි .කල යුතු වන්නේ පිස්සන්ගෙන් වේදිකාව ප්‍රවේශම් කර ගැනීමයි . 

දෙවැන්න රාජ්‍යයේ මැදිහත් වීමයි. 
රාජ්‍යයේ මැදිහත් වීම යම් තරමකට අවශ්‍ය වන බව පෙනෙන්නට තිබුනත් බොහෝවිට එය ඉදිරියේදි අනවශ්‍ය අතපෙවිමක් දක්වා වර්ධනය වීමට ඉඩතිබේ. පසුගිය මහනුවර සිදුවිමේදි එයට අදාල ලයිසයන් එක ආන්ඩුව විසින් අතට ගන්නා ලදී. මින් ඉදිරියට මේ ආන්ඩුව හෝ ඉදිරියේදි පත්වන ඕනෑම ආන්ඩුවක් විසින් ගන්නා ඕනෑම ජඩ තීරනයක උනුසුම පහව යනතෙක් ෆේස්බුක් අවහිරකිරීම බලාපොරොත්තු විය යුතුයි. මේ වන විටත් නිසැක වශයෙන්ම අවහිර කර තිබු මේ සතියක කාලය තුල අන්ඩුවට සිදුවු මහජන බලපෑමේ ප්‍රතිශතය අවමවීමේ ප්‍රමානය ගනනය කිරීමේ වැඩකටයුතු අරඹා ඇති බවට සැකයක් නැත.

මේ හරහා ගලායන ජාතිවාදය, බොරුව, අපහාසය, පැතිරවීම  සුබුද්ධික පරිශීලකයින් මෙවැනි අපහාසාත්මක දේ පැතිරයාම වැලැක්වීමට එවැන්නක් දුටුපසු නොදැක්කාවගේ යාම වෙනුවට ඒවා ෆේස්බුක් පරිපාලක මන්ඩයට රපෝර්තු කිරීමට හුරුවීමේ ප්‍රවනතාවක් ඇති කර ගත යුතුය. සැලකිය යුතු පිරිසකගේ එකතුවීම මගින් එවැනිදේ කල හැකි බවට අත්දැකීම් තිබේ. සැබෑම කතාව නම් මෙවැනි ට්‍රෙින්ඩ් එකක් ඇතිකිරීම හෝ යමි කිසි පොදු අරමුනක් වෙනුවෙන් එක් රැස් කිරීම පහසුවෙන් කල හැක්කක් නොවේ. ඒවාට දැනුවත් කිරීම් කල යුුතු සේම යම් කාලයක්ද ගතවේ.

කෙසේ නමුත් දැනට නම් කිව හැක්කේ ගොබ්බයින්ගේ වැඩ නිසා දැන් සැමටම කෙලවී ඇති බවයි...... ලයිසන් එක ආන්ඩුව අතටම අරන් ඇත.