පහුගිය දවස් ටිකේ නන්දා මාලිනීගේ ගීත කලාව විවේචනය කරපු වීඩියෝ එකක් ප්‍රචාරය වුණා. මේකට ගොඩක් කට්ටිය බැනලා තිබ්බා. මේ කාන්තාව නන්දා මාලිනීගේ ගීත කලාව විවේචනය කරා කියලා. මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ හැඟීම් වලින් නැතිනම් ජාතිකත්වය ෆැන්ටසියෙන් කියල කියන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ මිනිස්සුන්ට දෘෂ්ටිවාදය කියන්නේ මොකක්ද කියන දේ තේරෙන්නේ නැහැ. හැබැයි කවුරුහරි දෘශ්ඨිවාදය විවේචනය කරන්න ගියපුවහම ඒකෙන් යම්කිසි ආකාරයකට තමන්ගේ දෘශ්ඨිවාදී ෆැන්ටසියට ලොකු පහරක් වදිනවා ඒක මිනිස්සුන්ට resist කරන්න ඉතා අමාරුයි.
නන්දා මාලිනීගේ ගීත වල ගොඩක් වෙලාවට ඇත්තටම තිබුණේ විප්ලවකාරී, වාමාංශික අදහස් නෙවෙයි. ඒ වගේ ගොඩක් වෙලාවට තිබුණේ ජාති(ක)වාදී අදහස්, නැත්නම් ගතානුගතිකවාදී අදහස්. එක පැත්තකින් ජාතික සමගිය ගැන කතා කරන අතරෙ අනිත් පැත්තෙන් සිංහල Ethnocentrism ප්‍රවර්ධනය කලා ඔය ආන්දෝලනයට ලක්වුන පවන ඇල්බම් එක ගත්තත් ඒකේ ගොඩක් වෙලාවට තිබ්බේ බටහිර විරෝධය පිළිබඳ අදහස්. බටහිර ලෝකයේ හැම තිස්සෙම ලංකාවේ විනාශ කරන්න බලාගෙන ඉන්නවා වගේ මෝඩ අදහස් වගයක් තමයි තිබ්බේ.
ඇත්තම කිව්වොත්,ඕව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුන කියන මෝඩ ගම්බයි පක්ශය විසින් දියත් කරපු මතවාද. ඒ අදහස්ම තමයි විමල් වීරවංශල ඔය කරේ තියාගෙන ගියේ. ඒ කියන්නේ ලංකාවේ ජාතිකවාදීන්. ඒකයි මම කියන්නේ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් මහින්දලටත් වඩා අන්ත ජාතිකවාදී පක්ෂයක් කියල. අපි ලතින් ඇමරිකාවේ විරෝධාකල්ප ගායකයෙක් වුන, වික්ටර් හරහාගේ ගීත ගත්තොත්, පැහැදිලිවම ඒ වගේ තියෙන්නේ. පොදු මහජනතාවගේ ගැටලු නැත්නම් දේශපාලන ගැටලු.එත් නන්දා මාලිනිය අතින් කොළඹ middle class එකට අමනයි කියන්න හේතු වෙන්නේ මොකක්ද ? .
මේක තමයි වාමාංශික දේශපාලනය + ජාතිකවාදය කියන දේ හැටි. මෙන්න මේ වාමාංශික ජාතිකවාදය කියන විකෘති දරුවා තමයි 2005 මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේ. ඒ වගේම තමයි ජනතාවගේ මේ දෘෂ්ටිවාදී ෆැන්ටසිය කියන දේ හරියට අඳුනාගෙන තමන්ගෙ පොලිටිකල් ගේම් එක ගහපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ.

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි