03 November 2018

දෙවියන බුදුන් පලාගිය යක්ශයාගේ දේශයේ සිට.....

අප දැන් ජීවත්වන්නේ ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර පසු කරන අදුරුතම යුගය තුලයි. කාලය ගැනද ,තොරතුරු ගැනද, යුක්තිය ජීවිතය සහ පසු පරම්පරාවේ පැවැත්ම ගැනද භිතියෙන් වෙලී සිටින යුගයකයි. අප ජීවත්වන මේ කාලය මතයක් වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හෝ පාලකයන් සටන්වදින යුගයක් නොව එකම දේශපාලන බල ඔටුන්න සියලු  පාලක පන්තිය විසින් හිසලාගෙන මිනිසුන් තලාපෙලන රූකඩ මෙන් නටවන භීම සමයකි. එකිනෙකා මරා දමන බව නොදැන එඩේරාපසු පස දිවයන බැටලු රැලක් මෙන් මරණයට කැපවු ජනතාවක් සිටින අදුරු දේශයකය. අපි ස්වර්ණමය යුග පසුකර නැත්තෙමු. එක් යුගයක භිතියක් අවසන් වු පසු කෙටි හුස්මක් ගන්නට පමනක් අපේ මිනිසුන්ට අවස්ථාව ලැබෙන්නේ ඊලග භිම සමයට විවේකයක් ලෙසයි  . දැන් මේ ගෙවෙන්නේ කාලයටද, රට මැදින් හමන සුලගටද, බියවිය යුතු යුගයකි. යුක්තිය වෙනුවෙන් අරගල කරන්නා රාජද්‍රෝහියකු හා ආන්ඩුවේ කුලී හේවායා රණවිරුවකුද වී ඇති කාලයයි.

රතුපස්වලින් තරම් මේ අවසන් වදන් පෙලට සාධාරණයක් එක් වන තැනක් තවත් තිබිය නොහැකිය........ අල්ලපු ගෙදර පාඩම් කරමින් සිටි  කොල්ලා අල්ලාගෙන ගොස් ටයර් මැද ගිනි තැබුවේ ඌ කොටියෙකු නිසා නොවන බව මතක් කල යුතුයි. 71-89 යුග තුල පොලව යට ගිය දකුනේ  දසදහස් ගනනක් සිංහල තරුනයන් සහ  අදටත් දකුනේ හමුවන සිංහල දරුවන්ගේ සමුහ මිනීවවල් උන් මැරෑ ආන්ඩුවේ කුලිහමුදාවට එරෙහිව යුක්තිය ඉල්ලමින් ඒ ඇටකටු පොලව යට සිට හඩන බව යක්ශයාගේ දේශයේ බැටලු රැලට අමතක වී ඇත.

කුලී හේවායා වනාහි වැටුපට මිනීමරන්නෙකි. විටෙක ඌ ආන්ඩුව නියෝග කලවිට ත්‍රස්ථයන්ට වෙඩි තබයි.  අනිත් විට ආන්ඩුව නියෝග කල විට පුරවැසියන්ට වෙඩි තබයි. මේ කුලි හේවායන් අර්ථ කථනයට ලංකාවෙන් තරම් උදාහරන වෙන කිසිදු තැනක නැත. රතුපස්වල මිනිසුන් වෙනම රාජ්‍යක් ඉල්ලුවේ නැත ඉල්ලුවේ බොන්නට වතුර පොදක් පමනි අවසානයේ  උන්ම රණවිරුවන් ලෙස ඔසවා තැබු කුලී හේවායන්ගෙන් උන්ට ලැබුනේ මරණ පමනකි .මෙවැනි දුර්ජන නිහීන රජ්‍යන්හී හමුදාවක් යනු රටවට බැදි පවුරක් නොව බල ඔටුන්න හිසෙලා ගත් පාලකයන්ගේ දඩබල්ලන් පමනි. ඉතිහාසයට අයිති රතුපස්වල කතාව නැවත බැලීමෙන් මේ සියලුම කතාව ඔබට නැවත පසක් වනු ඇත. සැබෑ රණවිරුවා යනු යුක්තිය උදෙසා සටන් කරන්නා මිස පාලක පන්තියේ දඩබල්ලන් නොවන බව කියුබාන සහ රුසියානු විප්ලවවල පමනක් නොව රතුපස් වල මිනිසුන් දෙස බැලීමෙන්ද ඉගෙන ගත හැකිය.




1 comment:

  1. අපි ඈත ඉතිහාසය ගැන උදම් අනන්නෙමු. අතිසාර්ථක ලෙස මෑත ඉතිහාසය මතකයෙන් අතුගා දමන්නෙමු! ප්‍රශ්නය එසේ කරන්නේ මන්ද යන්නයි!

    ReplyDelete