19 November 2017

Fuck (ෆක්) ගැන කතාව

බොහොම දුර ඈත අතීතයේ ඉදලම මිනිස්සු සන්නිවේදය සදහා විවිද ක්‍රම භාවිත කලා. මුල්ම කාලේ හස්ත සංඥා ,වාචික භාශා, ලේඛන, සංකේත ඉදල මහා පුලුල් පරාසයක් දක්වා ක්‍රමෝපායන් භාවිත කලා. වාචික  භාශා ,නැත්නම් භාශාවක් කතාකිරීමෙන් කරන සන්නිවේදනය තමා අද වෙනකොටත් පහසු මෙන්ම ප්‍රභලතම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තියෙන්නේ. එහෙවු භාශාව විධිමත් සහ අවිධීමත් එහෙමත් නැත්තම් පිලිගත් නොපිලිගත් ශිෂ්ට අශිෂ්ඨ විිදිහට කොහොම බෙදුවත් මේ  හැම එකෙන්ම සිද්ධවුනේ සන්නිවේදනයක් තමා.

මිනිස්සු එදා ඉදල තමන්ගේ හිතේ තියෙන හැගීමක් ප්‍රකාශ කරන්න යම් කිසි තනි වචනයක් හරි වචන කිහිපයකින් හැදුන වාක්‍යක් හරි තමා භාවිත කලේ. උදාහරනයක් විදිහට තවකෙකුගේ ජයග්‍රහනයකදි නැත්නමි සැමරීමකදි වගේ සතුටු අවස්තාවකදි "Congratulations" නැත්නම් "සුබපැතුම්" යන වදන භාවිත කලා. මේක අපි දන්න සියලුම දියුනු සමාජවල දකින්න පුලුවන් දෙයක් .

මේ වගේ මිනිස්සු සතුට, දුක, වේදනාව, තරහව වගේ හැගීම් බාහිරට ප්‍රකාශ කරන්න විවිධ වචන භාවිතා කරනවා .මේක ශිෂ්ඨ වෙන්නත් පුලුවන් අශිෂ්ඨ වෙන්නත් පුුලුවන්. සම්මතය අනුව අශිෂ්ඨයි කියල බෙදන්න පුලුවන් වචන බොහොමයක් තරහව නැත්නම් වෛරය කියන හැගිම පිටතට මුදාහරින්න බාවිත කරන වදන්.  නැත්නම් "කුනුහරප" කියෙන ඒවා බොහෝමයක් සම්බන්ද වෙලා තියෙන්නේ මිනිස් ලිංගික අවයව ,ලිංගික හැසිරිම් කියන සාධකත් එක්ක. මේ කියන කුනුහරපත් ඕනෑම ශිෂ්ඨසම්පන්න සමාජයක් දකින් පුලුවන් .

මේ කතාව ෆක් (Fuck) ගැන. ඒ කියන්නෙ ස්ත්‍රි පුරැශ සංසර්ගය (Sexual intercourse) නැත්තම් අශිෂ්ඨ වචනයෙන් කියනවනම් (*හුකනව) කියන වදන ගැන .මේ අර්ථය ලංකාවේදි නම් කිසිම ප්‍රසිද්ධ මාධ්‍යක හෝ පොතක හෝ පුවත්පතක ඒ ආකාරයෙන්ම යෙදිල තියෙනව අපිට දකින්න ලැබෙන්නෙ නැති වුනත් බටහිර ලෝකය තුල එය සාමාන්‍යකරනය වු දෙයක් බවට පත්වෙලා.

ප්‍රසිද්ධ දැන්වීමි තුල ජනප්‍රිය රෑපවාහිනි නාටක වල වගේම පුවත්පත් තුලත්  තියෙනව කියන්න පුලුවන්. ඒ කියන්නේ බොහෝ දුරට බටහිර තුල තවදුරටත් මේක අශ්ලීල වචනයක්ම කියල බෙදන්නත් බෑ.මේ ඉංග්‍රිසි වදන බටහිර ලෝකය තුල විතරක් නෙවේ පෙරදිගත් ජනප්‍රියයි. බටහිර ජනප්‍රියවාදි සංස්කාතිය පෙරදිගට පැතිරෙනවත් එක්කම ඒ කියන්නේ බටහිර චිත්‍රපට, රැප් හා හිප්හොප් සංගිතය, ටෙලිනාට්‍ය, සුපිරි චරිත,ආහාර සංස්කාතිය,ක්‍රිිඩාව වගේ දේවල් හරහා නිතර ප්‍රකාශ වුන මේ වදන පෙරදිගත් ජනප්‍රිය වෙනව.

කලින් කිවුව වගේම මේ වදන හරහා පීඩිත මිනිස් සිතුවිලි එලියට පන්නන ,නැත්නම් මලපැනපු වචනයක් විදිහට සංවර්ධනය වෙලා තියෙන ආකාරය තමා පහත තියෙන්නෙ ......

Fuck off - මකබෑවියන්,පලයන් යන්න
Fuck on - වර,මෙහාට වර
What the Fuck - මොන මගුලක්ද ,මොන රෙද්දක්ද
Fuck over - අසාධාරන ලෙස යමක් කර ගැනීම
Fucked up - වියවුල් සහගත වීම
Fuck you - හෙනගහපිය
Fucked out - උත්සහයන් නිශ්ඵලවිම,අධීක ලෙස පීඩාවට පත්ව සිටීම
Holy Fuck - තුශ්නිම්භුතවු අවස්තාවකදී එය ප්‍රකාශ කිරීමට භාවිත කරයි
Fuck around - යම් කෙනෙක් හෝ දෙයක් සමග අධීක ලෙස කාලය නාස්ති කිරීම
Fuck shit - ඉතා කරදරකාරී සහ අප්‍රසන්න දෙයක් හෝ පුද්ගලයෙක්



පසු සටහන - *මේ ලියැවුන වදන ගැන කිසිවෙකුත් කලබල විය යුතු නොවේ. එමෙන්ම ඉහත ඉංග්‍රිසි වදන් වල අර්ථය Urban dictionary හා Farlex dictionary යන වෙබ් අඩවි වලන් ලබා ගත් ඒවා මෙන්ම ඒ වදන්  ඒ ඒ ජනසමාජවල භාවිත වන වදන් නිසා ඒවායේ අර්ථයන් හි සම්පුර්න නිවැරදි භාවය තහවුරු කර ගැනීම අපහසුය.



04 November 2017

හිස් වැසුම් පිලිබද මගේ විශ්ලේශණය -An analyse of caps

මම බොහෝ කලක් තිස්සේ තොප්පි නැත්නම් හිස් වැසුම් භාවිතයෙන් වැලකී හිටියා විශේෂ හේතුවක් නැතත් හිස් වැස්මක් භාවිත කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් මට තිබුනෙ නැහැ සාමාන්‍යපෙල පන්තියට එනවත් එක්කම මගේ කොන්ඩය යන්නට පටන්ගත් නිසා හිස් වැසුම් තියා හෙල්මට් එකක් උනත් දැම්මේ ඉතාම පරිස්සමෙන් සාමාන්‍යන් පිරිමි හිස් වැසුමි භාවිතයේ ප්‍රයෝජන කිහිපයක් තිබුනත් ගොඩක් දෙනෙක් එක භාවිතා කරන්නෙ විලාසිතාවක් විදිහට .

මට මතක ඇති විදිහට 2004-2006 පමන කාලයේදි කොන්ඩය තරමක් වවා Cap තොප්පියට දෙපසින් කොන්ඩ කැබලි කිහිපයක් එන ලෙස තොප්පි පැලදි විලාසිතාව ඒ කාලේ සංගක්කාර කරල කරපු එකක් වෙන්න ඕනෙ. කොහොම උනත් මමත් තොප්පියක් පලදින්න ඔීනේ කියල මට හිතුන හේතුව මොකක්ද කියල මම දන්නේ නැ ගැලපෙන තොප්පියක් මිලට ගන්න අදහසින් වෙලද සැල් කිහිපයකටම ගොඩවුන මට මම සිතු ආකාරයේ හිස් වැසුමක් නම් සොයා ගැනීමට පුලුවන් උනේ නැ. 

හැම තැනකම පාහේ තිබුනේ දැන් ඉන්න කොල්ලො කුරුට්ටො දාන හිප් හොප් කැප් වගේ ඒවායි ඉතින් එවා දාගෙන අපිට පාරේ බැහැල යන්න පුලුවනැ කියල මම කල්පනා කරල ඊබේ නැත්තම් අලි එක්ස්ප්‍රස් වගේ ඔන්ලයින් කඩේකින් වත් බලන්න ඕන කියල හොයනකොට මට තොප්පි වර්ග කිහිපයක්ම හම්බු වුනා හැම එකටම Cap කිවුවට හැම එකක්ම Cap නෙවේ කියල මට තේරුනා මේ තියෙන්නෙ මට හමිබවුන තොප්පි ජාති ටික තමා

බේස් බොල් තොප්පි (Base ball cap)
ලංකාවේ ගොඩක් අය භාවිත කරන හැමෝම කැප් කියල කියන මේ තොප්පියට  කියන්නේ බේස් බොල් කැප් කියල බේස් බෝල් ක්‍රිඩා කරන ක්‍රිඩකයෝ භාවිත කරන හින්ද තමයි මේ නම භාවිත වෙන්නේ.


හිප් හොප් තොප්පි (Hip Hop caps)
ලෝකෙ කාලෙන් කාලේට එක එක උන්මාද එනවනේ .හිප්හොප් උන කියන්නෙත් අන්න ඒ වගේ එකක් .මට හිතෙන විදිහට නම් ඒක දැන් බටහිර ලෝකෙ බහින කලාවක් .හිප් හොප් සංගිතය හා බැදුනු ලොකු උපසංස්කාතියක් තියෙනව  .විලාසිතා තියෙනව නර්ථන තියෙනව කතාකරන විදි තියෙනව. ඉතින් ඔය හිප් හොප් සංස්කාතියෙ භාවිත කරන හිස් වැසුම නැත්නම් හිප්හොප් කැප් එක තමා මේ .ලංකාවේ සිගිති පාතාලය හිස එසවීමත් එක්ක මේව දැන් ගොඩක් ඒ අය අතර ජනප්‍රියයි. මේකේ ඉදිරිපස කොටස පැතලියි ලොකුයි .


ඇස්කොට් තොප්පිය (Ascot cap)
මේක අපේ රටේ තරුන පරම්පරාව අතර ගොඩක් ජනප්‍රිය වෙන්න පටන්ගත්තේ 2005 විතර කාලේදි. දැන්නම් නව යොවුන් වියේ කෙසේ උනත් මල් මල් තරුන විය ගෙවා දමමින් ඉන්න මම වගේ උන්නාන්සෙලගේ වයසේ ගොඩක් අය භාවිතා කරන්නේ මේ තොප්පිය තමා. Cluffley cap හා Lippincott cap කිියන නම් දෙකත් භාවිත වෙනවා. ඉස්කෝලේ 10 පන්තියේදි මටත් එකක තිබුනා. 


නිවුස් බෝයි කැප් (News boy cap)
මේක එක්දාස් නවසිය බරගනන්වල මුල් කාලේ සුදු මහත්තුරු ,වතු අයිතිකාරයෝ භාවිතා කරපු තොප්පියක් නිවුස් බෝයි කියන නම ඇවිත් තියෙන්නේ එකාලේ හිටපු පැපරාසියෝ, පත්තරකාරයෝ, පුවත් මවන්නො නිතරම භාවිත කරපු එකක් හින්දා  එක්දාස් නවසිය පනස් ගනන් වෙනකොටත් බහුලව පාවිච්චි කරල තියෙනවා.




සිහින තෝප්පිය (Dream cap)
ඇත්තම කිවුවොත් මේක නම සිහින තොප්පිය නෙවේ. මට තේරුන විදිහට නම් මේක Sailor cap වෙන්න ඕන ඒකාලේ මුහුදු ගිය නාවිකයෙ බාවිතා කරපු තොප්පියක් ටිකක් සංවර්ධනය කරල තමා මේක හදල තියෙන්නේ. සුප්‍රකට ගායක ජෝන් ලෙනන් වගේම V.I ලෙනින් නිතරම මේ ජාතියේ තොප්පි භාවිතා කරා.

බලල බලල අන්තිමට මම තීරනය කලා මට හරියටම හරියන එක මෙික කියල. ඒත් ගනන් දැක්කකම උඩ ගිහින් බිම වැටෙනව .මේකක් E-bay එකේ සහ ගොඩක් තැන්වල රුපියල් 2000 පන්නනවා. Beatles වගේ හොද බ්‍රෑන්ඩ් එකක් නම් රුපියල් 4500 විතර වෙනවා. ඒම ගන්න සල්ලි තියෙන්නේ කාටද??


කොහොම උනත් මේ වැඩෙන් තොප්පි ගැන දැනගත්තා .මේ තියෙන්නේ ටිකක් විතරයි .අන්තර්ජාලය පුරා හොයල බලාපුවාම ඇත්තටම හිස් වැසුම් කියන්නේ ඉතින් වෙනම සබ්ජෙක්ට් එකක් තමා .විවිධ ජාතින් සංස්කෘතීන් ලෝකේ පුරාම භාවිත කරන හිස් වැසුම් වර්ග දහස් ගනනක් තියෙනව .කොහොම හරි කමක් නැ කවුරු හරි ඉන්නව නම් මේ ජාතියේ එකක් අඩු මිලට ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක්  .පොඩ්ඩක් දැනුම් දෙන්න ඇ....


(ජෝන් ලෙනන් සිය හිස් වැසුම සමග)

03 November 2017

ITN යුත් ගොට් ටැලන්ට් වැඩසටහනින් පෙන්වන තවත් දෙයක් - Another side of ITN talent program

මම සාමාන්‍යයෙන් විවේචනයන්ට කැමති නොවේ. එමෙන්ම යම් දෙයක් විවේචනය කරන්නට ඒ ශේත්‍රය ගැන දැනුමක් තිබිය යුතුමය යන්න මම පිලිගනිමි ඒත් හිතට දැනුන දෙයක් කීමෙහි කිසිදු වැරද්දක් නොමැති බව මම සිතමි. ITN ආයතනය සහ ජාතික තරුන සේවා සභාව මගින් එක්ව සංවිධානය කර පෙන්වන youth got talents වැඩසටහන මම ආරම්භයේ සිටම දැන් මේ පෙන්වන Season දක්වාම  මම අඛන්ඩව නොවුවද වාර ගනනාවක් නරඹා තිබේ.

ලංකීය තරුන තරුනියන් සිය ගනනක් තමන්ගේ දක්ශතා පෙන්වීමට මෙලෙස වේදිකාවක් සකස් කරදීම පිලිබදව එම ආයතන දෙකටම ස්තුති කල යුතුයි. විනිශ්චය මන්ඩලය ලෙස මුල සිටම සිටි කිශු ගොමස් මහතාත් රූකාන්ත ගුනතිලක මහත්මාත් නිසැකවම සාධාරන විනිශ්චයන් ලබා දීමටත් තරගකරුවන් නිරන්තර දිරිගැන්විමටත් උත්සහ කරන බවද  පෙනේ.

පසුගිය දිනෙක මට ෆේස්බුක් නිවුස් ෆීඩ් ඔස්සේ එක්තරා ගොසිප් වෙබ් අඩවියක තිබු විඩියෝ කොටසක් නැරඹිමට ලැබුනි. එහි සටහන්ව තිබුනේ එක්තරා තරගකරුවෙක් දැක්වු මාරාන්තික ක්‍රිඩා අංගයක් නිසා කිශු ගොමස් මහතා සංවේදි වු අවස්තාවකි . '' මට මගේ රටේ මිනිස්සු ගැන හරි දුකයි '' යනුවෙන් කදුලු පිරි දෙනතින් එහු කීවේ සිය හදවතින්ම බව එය දුටු ඕනෑම කෙනෙක්ට තේරුම් ගත හැකිය.

මේ කියන කතාව අපේ උන් අගයන්ට නොහැකි පරදේසක්කාර මානසිකත්වය යැයි ඇතමෙක් මට කියන්නට පුලුවන් .මට ප්‍රශ්නයක් තියේ......,මට ඇති ප්‍රශ්නයමයි හැමදාමත් විනිශ්චය මන්ඩලයට ඇත්තේ .මෙය අපේ රටේ මිනිසුන්ගේ දක්ශතාව පිලිබද ප්‍රශ්නයක් නොව නිර්මානශීලිත්වය ගැන ප්‍රශ්නයකි .වෙනස් දෙයක් ගැන අලුත් දෙයක් ගැන සිතීමට ඇති දුර්වලතාවයක් ලෙස මට එය පෙනේ. ලාංකිකයින්ට වේදිකාවක් මත ගොස් ඉදිරිපත් කරන්නට ඇති එකම දේවල් ටික සිංදුවක් කීම නර්තනයක් ඉදිරිපත් කිරීම වාදනයක් හෝ සැන්ඩෝ නැතිනම් සර්කස් පෙන්වීම පමනක්ද?. මේ වේදිකාවට ගොඩවෙන බොහෝ දෙනෙක් වෙනස් දෙයක් යැයි කියමින් ඉදිරිපත් කරන්නේ ඉහත ප්‍රධාන අංග ටිකට තව පොඩ් අමතර අංගයක් ඇතුලත් කර ඉදිරිපත් කිරීම පමනි. එය වෙනස් දෙයක් යැයි මටත් සිතෙන්නේ නැත.

මේ වැඩසටහන මම කලක් තිස්සේ නරඹන මම කලින් කීවෙමි. මෙහි ඔය ඉහත කී අංග ටික හැරෙන්නට විශේෂ යමක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ය .සරලම කිවුහොත් එය හැමදාම නරඔන කෙනෙක්ට තවත් එක කොන්සර්ට් එකක් පමනි. අනික අපි ස්වභාවයෙන්ම විවෘත නොවු ඉදිරිගාමි නොවු ජාතියකි. බහුතරයක් තරග කරුවන්ගේ කතාබහෙන් මෙන්ම පසුපස සිටින මලානික ප්‍රේක්ශකාගාරයේ ප්‍රතිචාර වලින්ද එය පෙනේ. අනෙක අපේ බොහොමයක් තරගකරුවන් වේදිකාව මතදී විනිශ්චය මන්ඩලය සමග කතාබහේදි පවා විවෘත නැති කුලෑටි බවක් පෙන්වනුම් කරයි.

මේ අතර මම වෙනත් රටවල සුප්‍රසිද්ධ මෙවන් ටැලන්ටි වැඩ සටහටහන් වල විවිධ පුද්ගලයින් ඉදිරිපත් කල විනිශ්චය මන්ඩලයේ සිත් දැඩි ලෙස ඇද බැද ගැනීමට සමත් වු  අංග ගනනාවක් නැරඹිය. එවා බොහෝමයක් මහා අවධානමක් ගෙන හෝ මහා වියදමක් දරාගෙන මහා පිරිවරක් වරාගෙන කල ඒවා නොව බොහෝ විට තනි මිනිසෙක් කල ඉදිරිපත් කිරීම්ය. ඒ හැම එකක්ම පිටුපස තිබු සැබෑ රහස වුයේ ඔවුන්ගේ නිර්මානෂිලිත්වයයි.

බොහොමයක් එවා අප මීට පෙර දැක නොතිබු ආකාරයේ ඉදිරිපත් කිරීම් විය ,ඉතිහාසයේ අපි කොතැනකදි හෝ මේ නිර්මානශිලීත්වය ගිලිහුනු කුලෑටි ජාතියක් බවට පත්වී ඇත. නමුත් අපේ මිනිසුන්ගේ ශක්තියත් දහිරියත් උත්සහයත් තවමත් ගිලිහී ගොස් නැති බවද මේ වැඩසටහන බලා ඇති ඔිනෑම කෙනෙක්ට තේරුම් ගත් හැකිය.කෙසේ නමුත් ජාතියක් ලෙස අපේ මිනිසුන්ගේ ආකල්පත් නිර්මාණශීලිත්වයත් විවෘත භාවයත් දියනු කරගත හැකිනම් ඉදිරියේදී අපිට ජයගත හැකි සීමා අසීමිත වනු ඇත....