විසිතුන් වසරක් පැරණි ඉලෙක්ට්‍රොනික වසන්තයේ මතකය

මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 23 ක පමණ අතීතයකට දිවගියේ මා  විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල එක වරකට එක බැගින් වු LED බල්බ 2 ක් නිවි නිවී දැල්වෙන LED Multi-vibrator පරිපථයයි. C828 ට්‍රාන්සිස්ටර් යුගලයක් 10uf ධාරිතාවෙන් යුතු කොන්ඩෙන්සර් යුගලයක්  ඕම්ස් 10 යේ රෙසිස්ටර් යුගලයක් සහ LED යුගලයක් යොදාගනිමි සකස්කරන මේ පරිපථය පලමු වරට නිමවා සාර්ථකව ක්‍රියාකරවීමෙන් පසු මට දැනුනේ මහා විද්‍යාඥයකුගේ සොයාගැනීමක් තරමි සතුටකි .

ඒ සදහා එකල මට වැයවුයේ රුපියල් 30ක් තරමි මුදලකි .එතැන් පටන් බොහෝ අවස්තාවල මගේ කාමරය ඉලෙක්ට්‍රොනික අබලි ද්‍රව්‍ය වලින් පිරුණු එක් විය.වෙලදපලේදී හමුවු කුඩා පොත් පිංචක් උපකාරයෙන් තනිවම උපාංග සහ පරිපථ අදිනු ලබන සමිමත සංකේතයන් හදුනාගෙන අනුව එකලස් කල මේ පරිපථය පිහිටෙන් එකල මා පංතියේ සිටි මහා වැඩකරුවෙක් ලෙස ප්‍රසංශා ලැබීය. මේ ප්‍රසංශාවත් සමගම මුල්වරට මට විදුලි බවුතයක්ද තෑගි ලැබුනේ අද දරුවන්ට කොමිපියුටර් ක්‍රමලේඛනය (Programming) උගනිනවා හා සමාන වටිනාකමක් එකල එහි තිබු නිසාය.අද දරුවන් පරිගණකයෙන් ක්‍රීඩාවන් කරනවාක් මෙන් එතැන් පටන් විවිධ පරිපථ අත්හදා බැලීම මගේ විනෝදාංශය විය.අන්තර්ජාලය ගැන මා  අසා හෝ නොතිබුන ඒ කාලයේ ඉලෙක්ට්‍රොනික පිස්සන්ගේ දොලදුක සිදවු බොරැල්ල සෙනිත් සමාගමේ සිප්නැන සගරාපෙල ශ්‍රිීලාංකිකයින්ට අලුත් දේ අලුත් තාකශණය හා නව නිර්මාණ ගැන සිතීමට ප්‍රබල වශයෙන් දායක වු සගරාපෙලක් බව කිවයුතුය

සත්‍යය වැළලූ තැන පැළවෙන JVP දේශපාලන ව්‍යාධිය

නාසි ජර්මනියේ සිට ජ.වි.පේ දක්වා එන 'ගොබෙල්ස්' අවතාරය ගැනයි.
ලංකාවේ බොහෝ සමාජ සංසිද්ධි පාලනය කර ඇත්තේ බිය ගැන්විමෙන් සහ බොරු කීමෙනි .බොරුව මේ අතරින් ප්‍රධානයි . බොරුව යනු හුදෙක් රැවටිමක් පමනක් නොව සමස්ත සමාජ ව්‍යුහයක්ම බිද දැමීමට සමත් උපක්‍රමයකි .මගේ අනුදැනුමේ හැටියට බොරුව යන උපක්‍රමය වඩාසාර්ථක ලෙස භාවිත කරමින් පවත්වාගෙන ගිය දේශපාලන ද්‍රෘශ්ටීන් දෙකක් ලෝකය තිබුනි. ඉන් පලමු එක නම් ජර්මන් නාසිවාදයයි .සමස්ථ නාසි දෘශ්ඨිවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලද්දේ බොරුව නම් උපක්‍රමය භාවිත කරගනිමින්ය. නාසි සිරකරුවකුව සිට අවුට්ස්විච් වදකාගාරයෙන් බේරි පැමිනීමට සමත්වුන වෛද්‍ය මික්ලොස් නයිසිල් සිය මරණයේ දොරටුව නම් පොතෙහි සදහන් කරන්නේ අවුට්ස්විච් වදකාගාරය වට කර ඇති විදුලිවැට ඇත්තම විදුලි වැටක්ද කියා සැක සිතෙන තරමටම නාසි දෘශ්ටිවාදයතුල බොරුව ක්‍රියාත්මකවු බවයි .

මෙහිදි නාසි බලකදවුරේ ප්‍රබලයකුවන එහි ප්‍රචාරක නියමුවා (Propaganda) වු ජෝසෆ් ගොබෙල්ස්ගේ බොරුව පිලිබද න්‍යාය අපට අමතක කල නොහැකිය. එය සරල මෙන්ම ප්‍රභල එකක් විය.  මෙම බොරුවකොතරම් දුරකට විහිදි ගියාද යත් සමස්ත ජනප්‍රජාවක් (යුදෙව්වන්) ගැස් කාමරවලට දක්කවා ඝාතනය කරවිමට (The Holocaust) මහාසමාජයේ අවසරයක් ලබා ගැනීමට හැකිවිම දක්වා ගමන් කලේය. ගොබෙල්ස්ගේ බොරුව පිලිබද න්‍යය හෙවත් මහා බොරුව කරුනු කිහිපයකින් සමන්විතය . එය මා කියන්නට යන අනිත් දේශපාලන පක්ශයේ හැසිරීම තේරුම් ගැනීමට උපකාර වනු ඇත

බලු කතා ... !

අද මේ කෙටි ලිපිය ලියන්නෙ බලු කතා කිහිපයක් ගැන ලියන්න. පලවෙනි බලුකතාව තමයි මම කියවපු ආකර්ශනිය වගේම බ්ලැක් කොමඩි ශානරයේ නවකතාවක් උන බල්ලෙකුගේ හදවත නව කතාව. මේක ලියන්නේ මිහයිල් බුල්ගාකොවි කියන සෝවියට් ලේඛකයා. සරලව කියනවනම් මෙතන වෙන්නේ විද්‍යඤයෙක් විසින් බල්ලෙක්ට මිනිහෙක්ගේ මොලයක් බද්ධ කරනවා. වැඩේ සාර්ථකයි. ඒත් බල්ලා පිස්සු කෙලින්න පටන් ගන්නවා .රෑට බිලා ගෙවල් වලට ගල්ගහනවා .ගෑනුන්ගේ පස්සවල් මිරිකන්න යනවා.  හෙදම වැඩේ බල්ලා විද්‍යාඥයට අප්පච්චි කියල කතාකරනවා. තමන්ගේ  පිතෘභාවය බාර ගන්න කියල ගේමක් ඉල්ලනවා. එනපොට හොද නැතිබව තේරුම්ගත්ත විද්‍යඥයා සහ ඔහුගේ සහයකයා බල්ලාව අල්ලගෙන උගේ තිබුන බලු මොලේ ආයෙත් බද්ධ කරනවා. මේක මම කියවපු හරිම ලස්සන නවකතාවක්.. 

බල්ලොන්ට ආප්ප වලින් ගහනව කියල  කතාවක් අහල තියෙනවාද ? .මේක තමයි දෙවනි බලුකතාව. ඇත්තටම මහ ටවුමක් මැද්දෙ බල්ලො සෙට් එකකට ආප්ප පාර්සලයකින් ගහල එන්න උනා මට .දවසක් ආප්ප වගයක් ගන්න ගියා පොඩි හෝටලේකට සවස හයට විතර. බිත්තර ආප්පම තුනක් දාගත්ත .ඒ පාර්සලේ ඔක්කමෙ අප්ප 15 විතර තිබුනා .ආප්ප ටික අරන් මම ගෙදර යන්න කලින් ආප්ප ටික මගේ ස්කුටි බයිසිකලේ එල්ලා විනාඩියෙන් ඒ ලග තිබුන සිල්ලර කඩේකට ගොඩ උනා දුම්වැටියක් මිලට ගන්න. එන තප්පර කිපයට බල්ලො සෙට් එකක් බයික් එක වටේ  එල්ලිලා ආප්ප පාර්සලේ උලා කනවා .ඔලුව උස්සල වට පිට බලද්දි චිත්‍රපටියක් බලනව වගේ කිහිපදෙනක් මා දිහා බලාගෙන ඉන්නව. උඹලම කාපියව් ආප්ප කියල මම ඒක පාරමැද්දෙම දමල ගහල ආවා. පාඩුවට වඩා ලැජ්ජාව ලොකු හින්ද ? .තවත් බලු කතා තිබුනත් ලියන්න ටිකක් කම්මැලීයි .

කැතරින් ට්‍රැමල් කොළඹට - සෙව්වන්දිගේ උපන්දින ජවනිකාව

සෙව්වන්දිගේ කේක් ගෙඩිය නිසා හැඩි දැඩි පිරිමි කිහිපදෙනෙක් අමාරුවේ වැටෙන්න නියමිත බව ආරංචියක් යනව. ඉතා සරලව කිවුවොත් සිදුවෙලා තියෙන්නේ, කොලඹ අපරාද විමර්ශණ කොට්ඨාශයේ නිලධාරින් විසින් ගනේමුල්ල සංජිව ඝාතනයේ ප්‍රධාන චුදිතයෙක් වන ඉශාරා සෙව්වන්දිගේ උපන්දිනයට කේක් ගෙඩියක් කැපීමට ඉඩසලසා දිමයි. තොරතුරු අනුව ස්ථානාදීපතිවරයගේ සම්පුර්ණ කැමැත්ත සහ අනුමැතිය අනුව මෙය සිදුවෙලා තියෙනවා. මේ සිදුවීම අහපු ගමන් මට මතක් උනේ Basic Instincts සිනමා පටයේ Sharon stone රග දක්වන චරිතය වන කැතරින් ට්‍රැමල්.  

ඒ කතාවට අනුව මනුශ්‍ය ඝාතනයට චෝදනා ලබන කැතරින් ට්‍රැමල් විමර්ශනයකට පෙනි ඉන්නවා. ඇය ඇදගෙන ඉන්නේ ඉතා කෙටි ඇදුමක්. විමර්ශනය අතරතුර ඇය ඉතාම සැහැල්ලු විදිහට ඇයගේ දෙපා අතරින් ලිංගික අවයවය විමර්ශන නිලදාරින්ට පෙනෙන සේ මාරුකරනවා. අන්තිමට මේ දෙපරැන්ද හින්ද මුලු විමර්ශනයම අලගෝනියක් වෙලා කැතරින් නිදහස් වෙනවා. මට හිතා ගන්න අමාරු මම දැකල තියෙන ගොඩක් පිරිමි මේ වගේ ලස්සන ආකර්ශනීය ගැහැනුන් ඉදිරියේ පොඩි ලමයි වගේ වෙන්නෙ ඇයි කියල. 

මම හිතන්නේ ‍සමහර පරිනත පිරිමි ලාබාල වයසේ ගැහැනු ලමුන් නැත්නම් LOLITA වන් ඉදිරියෙත් මේ වගේ හැසිරීමක් දක්වනවා. ප්‍රංශ වචනයක් තියෙනව Femme Patel කියල. මේ ෆෙම් පෙටල් කියන්නේ මාරක ස්ත්‍රීය වගේ අරුතක් තියෙන වචනයක්. ඒ කියන්නේ මේ ස්ත්‍රිය මාරක වෙන්නේ  පිරිමින් සතු අධිකාරිබලය එහෙම නැත්නම් පිරිමියා විසින් ගොඩනංවපු ලෝකයට .මේක ස්ත්‍රීවාදිනියන්ට අදාල නැහැ .මොකද ස්ත්‍රීවාදිනියන් කියන්නේ පිරිමින්ගේ ආශාව සපුරන්න පුලුවන් අය නෙවේ ,පිරිමින්ගේ ආශාවට විරුද්ධව කැරලිගහන අයට.මේක නිසාම ස්ත්‍රී විමුක්තිය කියාගෙන බෝඩ් ලැලී උස්සගෙන ඉන්න ගෑනු බාග වලට පිරිමි ලෝකයට කරන්න පුලුවන් බලපෑම ඉතාම අවමයිග

වෙනත් අය විඳින අපේ ජීවිතය - Robert pfaller ඇසුරින්

අද අප ඉදිරියේ ඇති අතිමහත් ඩිජිටල් අන්තර්ගතයන් (Digital Content) පිළිබඳව ඔබ මොකද හිතන්නේ? පසුගිය දශකය තුළ අන්තර්ජාලයේ දියුණුවත් සමඟ අපගේ සමාජ ජීවිතයට විශාල බලපෑමක් එල්ල විය. ඇත්ත වශයෙන්ම, මෙය අන්තර්ජාලය තුළ හෝ තාක්ෂණික සමාජය තුළ පමණක් සිදු වූ විප්ලවයක් නොවේ.පසුගිය දශක කිහිපයක් පුරා සමාජයේ  සෑම අංශයකටම යම් ආකාරයක උදාසීනත්වයක් (Apathy) ආසාදනය වී ඇති බව ඔබට දැනෙනවාද. 'අන්තර්-අක්‍රියතාවය' (Inter-passivity) යනු මෙම නූතන ධනවාදය තුළ අප ජීවත් වන එක් ආකාරයකි.

මෙම සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ රොබට් පාලර් (Robert Pfaller) නම් ඔස්ට්‍රියානු දාර්ශනිකයා විසිනි. ඔහු මෙම සංකල්පය "නියෝජිත වින්දනයේ සෞන්දර්යය" (Aesthetics of delegated enjoyment) ලෙස හැඳින්වීය. ඒ අනුව, අන්තර්-අක්‍රියතාවය යනු මිනිසුන් සමාජ ක්‍රියාකාරකම්වලට සෘජුව සහභාගී නොවී, ඒ හරහා විනෝද වීම සඳහා එය වෙනත් පුද්ගලයින් වෙත පවරා දීමයි.වෙනත් වචනවලින් කිවහොත්, අන්තර්-අක්‍රියතාවය යනු අපට ක්‍රියාශීලී නොවී විනෝද විය හැකි ආකාරයයි. මෙම අක්‍රිය සමාජයේ ක්‍රියාකාරීත්වයට තාක්ෂණය බෙහෙවින් බලපා ඇති බව සත්‍යයකි.පහත දැක්වෙන සිදුවීම්වලින් කොපමණ ප්‍රමාණයක් ඔබ අන්තර්ජාලය තුළ දැක තිබෙනවාද ?