ගොඩ කාලයකට පස්සේ මට කෙටි ලිිපියක් ලියන්න හිතුනා .පසුගිය දින කිහිපයේදී මම 90 දශකයේ රුපවාහිනියේ විකාශය උන ජන්ප්‍රිය ටෙලි නාට්‍ය දෙකක් Youtube හරහා බලලා අවසන් කලා. ඒ තමයි නිදිකුම්බා මල් සහ දිය සුලිය කියන ටෙලි නාට්‍ය දෙක. දෙකේම ප්‍රධාන චරිත දෙක රගදක්වන්නේ පාලිත සිල්වා සහ නිල්මිනී තෙන්නකෝන්.
මෙක බැලුවට පස්සේ මට හිතුන දෙයක් ලියන්න. ඒ තමයි අලුත් Gen -Z පරම්පරායේ ආදරය ගැන ඔබ මොකද හිතන්නේ? මගේ අදහස අනුව මේ යුගයේ ආදරය කියන්නේ එකිනොක හමුවෙලා තමන්ගේ ප්‍රශ්ණ විසදගන්නව වගේ දෙයකට. එක ප්‍රශ්ණයක් විසද ගත්තට පස්සේ අය තැනකට සම්බන්ධවෙලා තව ප්‍රශ්නයක් විසදගන්නවා.
අපි දන්නව මනෝවිශ්ලේශණ සායනයකදී කරන්නේ පටු අරුතකින් කිවුවොත් විශ්ලේශකයා විසින් විශ්ලේශිතයාගේ (රෝගියා) මානසික ගැටලුවේ මුලය ගලවා ඔහු යම් සුසංවාදී තැනට ගෙන එක. මේක සරලව පියවර කිහිපයක් ඔස්සේ වෙන දෙයක් ඒක මේ විදිහට පැහැදිලි කරන් පුලුවන්.
මේ කර්්‍යයේදී විශ්ලේශිතයා මනෝ විශ්ලෝශකයකු හමුවට එන්නේ ඔහුගේ ගැටලුවට පිලිතුර විශ්ලේශකයා විසින් දන්නා යැයි කියන උපකල්පනය (Subject Suppose To Know) මත. ඊට පස්සේ විශ්ලේශකයා විසින් විශ්ලේශිතයාගේ අවිඥානයට ප්‍රවේශයක් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදියට රෝගියා විසින් යම් අකාරයට බැදීමක් මනෝවිශ්ලෝශකය වෙතත් ඇති කර ගන්නවා. මෙහිදී විශ්ලේශකයා විසින් රෝගියාගේ මානසික ගැටලුව ජයගැනීමට උපකාර කරනවා (Traversing The Fantasy) . ඉන් පසු විශ්ලේශකයාගේ කාර්‍ය තමයි රෝගියාට තමන් සහ ෆැන්ටසිය සමග ඇති බැදීම ඉවත් කිරීම (Separation) .ඊට පස්සේ විශ්ලෝශනය අවසන් වෙනවා (End OF The Analysis) . මේ Separation එක සිදු උනාට පස්සේ තවදුරටත් රෝගියාට විශ්ලේශනයා සමග කිසිදු සම්බන්ධයක් නෑහැ මානසික වශයෙන්.